ජූනි 11, 2018
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 147 ක් තුළ දැවී ගියද, පසුපෙළ පිතිකරුවන් සමගින් එක්වු කඩුලු රකින ක්‍රීඩක ශේන් ඩෝරිච් සිය කණ්ඩායම සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් වෙත ගෙන ගියේය.
ඔහු ලකුණු 125 රැස්කරද්දී, නායක ජේසන් හෝල්ඩර් හා දේවේන්ද්‍ර බිෂූ ලකුණු 40 බැගින් රැස්කරමින් කොදෙව්වන්ගේ පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 414 ක් දක්වා ගෙන ගියේය.
එහිදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 95 ට කඩුලු 4ක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු දෙකයි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වුණේ ලකුණු 185 ක් පමණි.
නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 44 ක් හා නිරෝෂන් දික්වැල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් විය.
නැවත දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස්කර සිටියදී ඉනිම අත් හිටුවා ශ්‍රී ලංකාවට ලබා දුන් ඉලක්කය ලකුණු 453 ක්.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ද ලකුණු 226 කට සීමා විය.
කුසල් මෙන්ඩිස් ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කළ ද සෙසු පිතිකරුවන් කිසිවෙකුට සාර්ථක වීමට අවස්ථාව හිමිවුණේ නැත.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු ටෙස්ට් තරගයේ පස්වන දිනයේ වීඩියෝව බලන්න
© Island Cricket