in

කොදෙව් සංචාරයට එක්වීමට මැතිව්ස් හා ලක්මාල්ට අවසර

ඇන්ජලෝ මැතිව්ස්

මැයි 19, 2018

Angelo Mathews

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගීවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔවුන් දෙදෙනා ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කර තිබුණ ද, ඔවුන්ගේ ශරීර යෝග්‍යතාව සැකසහිත බව මින් පෙර සඳහන් විය.

ඔවුන් දෙදෙනා ශරීර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වීමෙන් අනතුරු තරගාවලියට සහභාගීවීමට අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තුන් දින පුහුණු තරගයකට හා ටෙස්ට් තරග තුනකට සහභාගීවීමට නියමිතවේ.

තරගාවලියට මෙම මස 30 වැනි දින ආරම්භ වීමට නියමිතය.
 
මැයි 30 – තුන්දින පුහුණු තරගය
ජූනි 06 – පලමු ටෙස්ට් තරගය
ජූනි 14 – දෙවැනි ටෙස්ට් තරගය
ජූනි 23 – තුන්වැනි ටෙස්ට් තරගය

© Island Cricket

Leave a Comment