in

කුසල් ගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

කුසල් ගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

මාර්තු 7, 2018

Photo

නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති පළමු තරගයට විශාල ප්‍රේක්ෂක පිරිසකස් සහභාගීවිය.

ඉන්දියාව හමුවේ අඛණ්ඩව පන්දුවාර 20/20 තරග 7 ක් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගීවූයේ නව බලාපොරොත්තු ගොන්නක් සමගින් වීම විශේෂත්වයක් විය.

කාසියේ වාසිය දිනා ගත් දිනේශ් චන්දිමාල්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දියාවේ පළමු කඩුලු දෙක පන්දුවාර 2 ක් තුළ දැවී ගියේ ලකුණු 9 ක් තුලදීය.

රෝහිත් ශර්මා හා සුරේෂ් රයිනා මෙසේ අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව ශිකර් ධවාන් හා එක්වූ මනීෂ් පාන්ඩේ තුන්වැනි කඩුල්ලට ලකුණු 95 ක සබඳතාවක් ගොඩ නැගීය.

ධවාන් ලකුණු 90 ක් රැස්කළ අතර, මනීෂ් පාන්ඩේ ලකුණු 37 ක් රැස්කළේය.

පළමු පන්දුවාර දෙකේදී ප්‍රභල අභියෝගයක් එල්ල කළ දුෂ්මන්ත චමීර පන්දුවාර 4 දී ලකුණු 33 ක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගැනීමට සමත්විය.

ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී ලකුණු 174 කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගැනීම විශේෂත්වයක්.

කුසල් ජනිත් දෙවැනි පන්දුවාරයේ දී දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත්, ධනුඹ්ක ගුණතිලක හා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 58 ක සබඳතාවක් ගොඩ නැගීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර 6 පවර් ප්ලේ අවස්ථාවේ දී ඉන්දියානු පන්දුයවන්නන්ට එරෙහිව ලකුණු 75 ක් සොරාගැනීමට සමත්විය.

හයේ පහර 4 ක් හා හතරේ පහර 6ක් සමගින් කුසල් ජනිත් පන්දු 37 ක දී ලකුණු 66 ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ අඩිතාලම දැමීය.

අනතුරුව එක්වූ දසුන් ශානක හා තිසර පෙරේරා සංයමයෙන් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් කර රැගෙන යෑමට සමත්විය.

තිසර පන්දු 10 කින් නොදැවී ලකුණු 22 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය වූ ලකුණු 175 පන්දු  ක් ඉතිරිව තිබිය දී කඩුලු 5 ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් වූවාය‍.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව පන්දුවාර 20/20 තරගයක් ජය ගත්තේ, තරග 7 ක් පරාජය වීමෙන් අනතුරුව වේ.

තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් පෙරෙරා සම්මානයට පාත්‍ර විය‍.

© Island Cricket

Leave a Comment