in

ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට්

මැයි 30, 2018

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු වෙනුවෙන් හෙට පැවැත්වීමට නියමිත වූ නිළවරණය වාරණය කරමින්, අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මගින් මෙම අතුරු තහනම් නියෝගය පණවා තිබේ.

ලබන මස 14 වැනි දාට මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් තීරණය කිරීම හේතුවෙන්, මෙම අතුරු තහනම් නියෝගය පණවා ඇත‍.

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් සභාපතිපති තිලංග සුමතිපාල මහතාට ඉදිරි නිලවරණයට සහභාගීවීමට නීතියෙන් අවසර නැති බව පවසමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

© Island Cricket

Leave a Comment