in

ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පංච පුද්ගල කමිටුවක්

ක්‍රිකට්

මැයි 21, 2018

ක්‍රිකට් නිලවරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති විශේෂ මහා සභා රැස්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මෙහෙයවීම සඳහා වන කමිටවක් පත් කර තිබේ.

ඊට සාමාජිකයන් පස්දෙනෙකු ඇතුළත් වන අතර, විධායක කමිටුවේ සාමාජිකයන් බහුතරයක කැමැත්ත ඊට පළව ඇතැයි ද වාර්තා වේ.

නීතිඥවරයෙකු වන රසික වීරතුංග, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරුවරයෙකු වන සනත් උත්පල, නීතිඥ බුද්ධික ඉලංගතිලක, විගණකාධිපති දෙපාර්තමේන්තු නියෝජිත ජූඩ් පෙරේරා හා භාරකාර අරමුදලේ හිටපු නිළධාරියෙකු වූ දේවගිරි බණ්ඩාර එම කමිටු සාමාජිකයන්ය.

විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ තමන් ඇතුළ කණ්ඩායම මෙවර නිළවරණයට ඉදිරිපත් වන බවය.

තම කණ්ඩායමට එරෙහිව තරග වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් නාමයෝජනා මේවනතෙක් විවෘත කර නොමැති වීම හේතුවෙන්, ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

© Island Cricket

Leave a Comment