in

ක්‍රිකට් කඩා වැටීමට කළමනාකරණ දුර්වලතා හා දේශපාලනය වග කිව යුතුයි – මුරලිදරන්

m6c5d5d.png

අප්‍රේල් 20, 2018

Muttiah Muralitharan

ශ්‍රී ලංකා ක්‍රිකට් හී වත්මන් තත්ත්වයට මෙරට දේශපාලන අත පෙවීම් වගකිව යුතු බව හිටපු ටෙස්ට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විදෙස් මාධ්‍ය සමග සිදුකළ සම්මුක සාකච්චාවක දී පවසා තිබේ.

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතිවූ පිබිදීම හා සසඳන කළ අද තත්ත්වය සෝචනීය තත්ත්වයක පවතින බව මුරලිදරන් පවසයි.

2014 පන්දුවාර 20-20 ලොක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2011 වසරේ ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තද වර්ථමානය වන විට එම තත්ත්වය වෙනස්ව ඇති බව ඔහුගේ මතයයි.

වර්ථමාන ක්‍රිකට් තත්ත්වයේ සුලු පිබිදීමක් තිබුණ ද සමස්ථය සසඳා බැලීමේ දී සතුටු විය නොහැකි තත්ත්වක් ඇත.

"ක්‍රිකට් යනු ක්‍රීඩකයන්ට ලබා දෙන ආත්ම විශ්වාසයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම යනු සුවිශේෂී අවස්ථාවක් බව ඇඟවීමයි. මම පන්දුයවන්නෙකු ලෙස සාර්ථක වුණේ නැහැ මගේ මුල් කාලයේ දී, එවක නායක අර්ජුණ මාව හැම විටම දිරි ගැන්වූවා අවස්ථාව ලබා දුන්නා. මම මේ තත්ත්වයට පත්වූයේ එලෙසයි. වර්තමානයේ දී ක්‍රීඩකයෙකුට කණ්ඩායමේ ස්ථානය විශ්වාස නැහැ.

"ඔවුන් මානසිකව පුහුණුවී තිබෙන්නේ අසාර්ථක වූවොත් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවනවා යන්නයි. අවසන් වසරේ දී පමණක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයන් 60 ක් පමණ ක්‍රීඩා කර තිබෙනවා. එමගින් පේනවා ක්‍රීඩාවේ ඉදිරිය ගැන කිසිම දැක්මකින් තොරව ක්‍රියා කරපු වග. මෙම ක්ෂණික වෙනස් කිරීම් මගින් සිදුවන්නේ ක්‍රීඩාව විනාශ වීම පමණයි."

ක්‍රීඩකයන්ට ලබා දෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ද නැද්ද විමසූ විට ඔහු පවසා ඇත්තේ මෙලෙස ප්‍රකාශයක්.

"උදාහරණයක් ලෙස කුසල් මෙන්ඩිස් ගන්න, ඔහු ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත් ක්‍රීඩකයෙක්. නමුත් කෙටි කාලයක් තුළ දී ඔහුට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවුණේ එක් තරගාවලියකදී අසාර්ථක වීම නිසා. මෙවන් සිදුවීම් වලන් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යට සිදුවන බලපෑම ඉතා විශාලයි."

ක්‍රිකට් ගිලගෙන ඇති කළමණාකරන දුර්වලතා හේතුවෙන් ක්‍රීඩාවේ කඩා වැටීම සිදුවී ඇති බව ඉහත කරුණු අනුව වටහා ගත හැකි බව මෙමගින් අවධාරණය වේ.

© Island Cricket

Leave a Comment