in

කවුරු ආවත් ක්‍රිකට් පවතින්නනම් අලුත් ක්‍රමයක් අවශ්‍යයි – සංගක්කාර

කුමාර් සංගක්කාර

මැයි 17, 2018

කුමාර් සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වෙනසකට වඩා ක්‍රිකට් ව්‍යවස්ථාවේ හා පරිපාලන ව්‍යුහයේ වෙනසක් සිදුවිය යුතු බව කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නව ක්‍රීඩා අමාත්‍යවරයා වන ෆයිසර් මුස්තෆා මහතා හමුවීමට ඔහු පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයේ දී නව නිළධාරී මණ්ඩලයක් පත් විය යුතුදැයි ඇසූ පැණයට පිළිතුරු දෙමින් සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේ, පත්වන පුද්ගලයින් මත තීරණ තීන්දු වෙනස් නොවන ක්‍රමයක් සැකසීම මුලින්ම සිදුකළ යුතු බවයි.

එසේ වුවහොත් පත්වන පුද්ගලයා කවුරුන් වුවද ක්‍රීඩාවට අයහපතක් නොවන බව ඔහු පැවසීය.

නිළවරණයේ දී හිටපු කට්ටිය එන එකද හොඳ අලුත් කට්ටිය එන එක ද හොඳ?

"මගේ එහෙම අදහසක් නෑ. මම හිතන්නෙ හැම තිස්සෙම ක්‍රිකට් පාලක මණ්ඩලයෙ ව්‍යවස්ථාවයි ව්‍යුහයයි අලුත් විදියකට අලුත් ක්‍රමයකට හදන්න අවස්ථාව තියනව. ඒ අවස්ථාව හරිහමන් විදියට පාවිච්චි කරල හැදුවොත්, එන එන පුද්ගලයන්ව ඉලක්ක කරගන්න ඕනෙත් නෑ.

"කවුරු ආවත් ක්‍රිකට් ව්‍යුහයයි ව්‍යාවස්ථාවයි ශක්තිමත්ව තියෙයි ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න."

© Island Cricket

Leave a Comment