ජනවාරි 19, 2018
ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාද තත්ත්වය හේතුවෙන්, බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය හා ටෙස්ට් තරගාවලිය අහිමිවීමේ අවධානමක් මතුව තිබේ.
පාදයේ ආබාදයකට ලක්වීම හේතුවෙන්, අද සත්කාරක බංග්ලාදේශයට එරෙහිව තරගය අහිමිවූ ඇන්ජලෝ මැතිව්ස් ඉදිරි තරග සඳහාද සහභාගී නොකරනු ඇතැයි වාර්තා වේ.
මැතිව්ස් නොමැතිව ක්රීඩා කළ හොත් දිනේශ් චන්දිමාල්ට නායකත්වය හිමිවනු ඇත.
මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, එම වාර්තා එංගලන්තයේ වෛද්යවරුවෙත යොමුකර ඇති බව ද වාර්තා වේ.
ඔවුන්ගේ උපදෙස් පරිදි මැතිව්ස්ට තරගාවලියේ ඉදිරි තරග ලබා දෙනවා දැයි තීරණය කරනු ඇත.
© Island Cricket