in

ඇත්තේ මාස 18යි – හතුරුසිංහ ලෝක කුසලානයට සැලසුම් සකසයි

16jl9218.jpg

දෙසැම්බර් 28, 2017

Photo

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් පිඹුරුපත් සැකසීමට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ පියවරගෙන තිබේ.

ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩකයන් තමන් වෙත ලබා දෙන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඒ අනුව 28 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ලබා දීමට තේරීම් කමිටුව එකඟ වී ඇති බව වාර්තා වේ.

මේ වනවිටත්, එළඹෙන බංගලාදේශ සංචාරය ඉලක්ක කරමින් ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් කැඳවා තිබේ.

ඔවුන් අද සිට චන්දික හතුරුසිංහ මහතා යටතේ පුහුණුකටයුතු ආරම්භ කරනු ඇත.

එසේම, ලෝක කුසලානයට පෙර ඉදිරි මාස 18 දී ක්‍රීඩකයෙකු අවම වශයෙන් තරග 17 ක් හෝ ක්‍රීඩා කළ යුතු බවට චන්දික හතුරුසිංහ තේරීම් කමිටුව වෙත දන්වා ඇත.

දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් කණ්ඩායමක් ලෙස ස්ථාවර වීමට අවස්ථාව අවම කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර දෙක පුරාම තේරීම් කමිටුවෙත චෝදනා එල්ලවිය.

නව පුහුණුකරු ලෙස කටයුතු ආරම්භ කිරීමෙන් පසුව හතුරුසිංහ මහතාද පැවසුවේ, ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමෙන් පසුව ස්ථාවර වීමට අවස්ථාව සැලසිය යුතු බවයි.

එසේ නැතහොත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට තෝරා පළක් නොවන බව ද ඔහු ඉඟි කලා.

මේ වනවිට සංචිත ගතව සිටින කණ්ඩායම පහත පරිදි වේ:

තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්‌වැල්ල, සධීර සමරවික්‍රම, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුෂංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්‍රි වැන්ඩ්‍රසි, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා.

© Island Cricket

Leave a Comment