in

ආසියානු කුසලාන 20-20 ට යන කාන්තා කණ්ඩායමේ වගකීම නැවත ශෂීකලාට

siriwardena-min.jpg

මැයි 30, 2018

Shashikala Siriwardena

මලයාසියාවේ දී පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද නිල වශයෙන් නම් කර තිබේ.

මෙම කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමිව ඇත්තේ, හිටපු නායිකාවක ද වන ප්‍රවීණ ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධනටය.

චමරි අතපත්තු හා අමා කාන්චනා ඩෙංගු රෝගයෙන් පෙළීම හේතුවෙන්, ඔවුන් දෙදෙනාට ඉහත තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමි නොවන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔවුන් දෙදෙනා වෙනුවට අවස්ථාව හිමිව ඇත්තේ, හර්ෂිතා මාදවී  හා ඉනෝකා රණවීරටයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: ශෂිකලා සිරිවර්ධන – (නායිකා), යසෝදා මෙන්ඩිස්, අනුශ්කා සංජීවනී, රෙබෙකා වැන්ඩොට්, හසිනි පෙරේරා, නිලක්ෂී ද සිල්වා, උදේෂිකා ප්‍රබෝදිනි, සුගන්දිකා කුමාරී, ඕෂදී රණසිංහ, නිපුනි හංසිකා, මල්ෂා ශෙහානි, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රනාන්දු, හර්ෂිතා මාදවී, ඉනෝකා රණවීර.

© Island Cricket

Leave a Comment