in

අයි.පී.එල් වෙන්දේසියේ දී ලසිත්ට ලක්ෂ 100 යි ඇන්ජලෝ 200 යි

අයි.පී.එල් වෙන්දේසියේ දී ලසිත්ට ලක්ෂ 100 යි ඇන්ජලෝ 200 යි

ජනවාරි 24, 2018

Photo

ඉන්දියානු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

එහි වැඩිම ලංසුව ඇන්ජලෝ මැතිව්ස් වෙත පිරිණමා තිබේ.

ඉන්දියානු රුපියල් ලක්ෂ 200 ක අවම ලංසුවක් ඇන්ජලෝ වෙත පිරිනමා තිබෙන අතර ලසිත් මාංලිගට ඉන්දියානු රුපියල් ලක්ෂ 100 ක අවම ලංසුවක් තබා ඇත.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග පළමු වරට ක්‍රීඩක වෙන්දේසියට මෙවර ඉදිරිපත් කර ඇත්තේ, මුම්බායි කණ්ඩායම ඔහුව එම කණ්ඩායමෙන් නිදහස් කිරීම හේතුවෙනි.

ඔවුන් දෙදෙනාට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 16 දෙනෙකු ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක අවම ලංසුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් කර සිටියි.

© Island Cricket

Leave a Comment