in

අපි කළේ වරදක් – තමීම් ඉක්බාල්; ඉන්දියාව පරාජය කරන්න අපට සහය වන්න ශකීබ්ගෙන් ඉල්ලීමක්

අපි කළේ වරදක් - තමීම් ඉක්බාල්

මාර්තු 17, 2018

Photo

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග ගැටුම්කාරීතත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් තරගය අවසන් වූ වහාම බංග්ලාදේශ ක්‍රීඩක තමීම් ඉක්බාල් අදහස් පළ කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුව නිපන්දුවක් ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් මෙම ගැටලුව ඇතිවූ බවයි.

කෙසේ වෙතත් කණ්ඩායමක් ලෙස, එම අවස්ථාව පාලනය කිරීමට කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුව තිබූ බව ද තමීම් එහිදී පැවසුවේය.

"මෙය මහත්වරුන්ගේ ක්‍රීඩාවක්, සියලු දෙනා හැසිරෙන ආකාරය ගැන සැලකිලිමත් විය යුතුයි. අපේ ක්‍රීඩකයන්ට එය මීටවඩා ශිෂ්ඨ ලෙස සිදුකළ යුතුව තිබුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අපේ මිතුරන් ක්‍රීඩාංගණයේ වගේම ක්‍රීඩාංගණයෙන් පිටත් අපේ යාලුකම තිබෙනවා. තරගයක දී මෙවැනි සිදුවීම් සිදුවිය හැකියි අපි බුද්ධිමත් විය යුතුයි."

මේ අතර, තරගයෙන් පසුව නායක ශකීබ් අල් හසන් ද තමන් ඇතුළු කණ්ඩායම හැසුරුණු ආකාරය ගැන අදහස් පළ කළේය.

තරගයේ ස්වභාවය අනුව හැඟීම්වලට මුල්තැන දීමට යෑම හේතුවෙන් මේ අවාසනාවන්ත සිදුවීම සිදුවූ බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

"මා මේ ගැන අනෙක් අයට වඩා අවධානය යොමුකළ යුතුයි. නායකයා හැටියට මට වගකීමක් තිබෙනවා. ඇත්තටම අද සිදුවුණේ හැඟීම් පාලනය කරගැනීමට නොහැකිවීම නිසා අවේගශීලීවීම. මෙවන් අවස්ථා එළඹෙන අවස්ථා තිබෙනවා."

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් ද ශකීබ් ප්‍රශංසා කළ අතර, මෙම සිදුවීම අන්‍යෝන්‍ය සුහදත්වය බිඳ වැටීමට අවස්ථාවක් නොවනු ඇති බව ද පැවසුවේය.

එසේම ඉන්දියාව සමග පැවැත්වෙන තරගයේදී, තම කණ්ඩායමට සහාය දැක්වන ලෙස ද ශකීබ් අල් හසන් මෙහිදී ඉල්ලා සිටියේය.

ඉන්දියාව වැනි ප්‍රභල රටක් පරාජය කිරිමට එය ඉවහල් වනු ඇතැයිද හෙතෙම පැවසීය.

© Island Cricket

Leave a Comment