in

අද තරගයට, කුසල් හා ශකීබ්

අද තරගයට, කුසල් හා ශකීබ්

මාර්තු 16, 2018

Photo

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීම සඳහා ජයගත යුතුම වන අද තරගයට බංග්ලාදේශය වෙනුවෙන් ශකීබ් අල් හසන් ක්‍රීඩා කරන බව වාර්තාවේ.

ඔහු ඊයේ දිවියනට පැමිණ බංග්ලාදේශ කණ්ඩායම සමග එක් වුයේය.

ඇඟිල්ලක ආබාදයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායම සමඟ එක්නොවූ ශකීබ් අල් හසන් කණ්ඩායම සමග එක්වීමෙන් ඔවුන්ගේ පන්දු යැවීමේ හා පිතිකරුණ අංශ දෙකම ශක්තිමත් වනු ඇත.

මේ අතර, ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේ දී පන්දු රකිමින් සිටිය දී ආබාදයට ලක්වූ කුසල් මෙන්ඩිස් ද හෙට තරගයට සූදානමින් පසුවන බව වාර්තා වේ.

කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය යහපත් බවත්, සුපුරුදු ශරීර යෝග්‍යතාවෙන් ඔහු පසුවන බව ද වාර්තා වේ.

© Island Cricket

Leave a Comment