in

ක්‍රිකට් සභාපතිවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදියි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණ පිවිසුම් දොරටුව අසලදී ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් තමන් සමාව අයැද සිටින බව ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සඳහන් කර සිටියි.

ලකුණු 161 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව අත්කරගත් එම තරගය නැරඹීම සඳහා නව දහසකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් එකවර ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ ගැනීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් සහ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වාතාවරණයක් හට ගනු ලැබීය. මේ සම්බන්ධව මාධ්‍යවල තොරතුරු පළ වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඇයැද සිටියේ ක්‍රීඩා ලෝලීන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට අභිමානයක් බවත්, ඔවුන්ගේ දිරිගැන්වීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මිල කළ නොහැකි වටිනාකමක් ලබා දෙන බවද පවසමිනි.

Leave a Comment