ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු පුහුණුකරුවන්ගේ සේවය එළඹෙන නවසීලන්තය සංචාරය දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එකඟතාවකට පැමිණ තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (02) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.