මට නායකයා සහ පුහුණුකරුවා කවුද කියන එක ප‍්‍රශ්නයක් නෙමෙයි – ලසිත් මාලිංග

Lasith Malinga named limited overs captain of Sri Lanka

තමා ලෝක කුසලානට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ අද (19 දා) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග සාකච්ඡුාවකින් පසුව බව ඔහු පවසයි. ‘දිවයින’ විසින් මාලිංගගේ තීන්දුව විමසන ලදුව,

‘‘මට කණ්ඩායමේ කට්ටිය සහයෝගය දෙන්නෙ නැහැ කියලා ක‍්‍රිකට් ආයතනයේ කට්ටිය ප‍්‍රසිද්ධියේම කියනවනම් මම කණ්ඩායමේ ඉන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඒ අයමයි. මොකද මම ඉන්න එක ප‍්‍රශ්නයක් නම් මම අයින් වෙනවා. ක‍්‍රීඩකයකු විදිහට ඒ අය කියන ආකාරයට මම තනිවෙනවා. නමුත් මට ඒවා ප‍්‍රශ්න නෙමෙයි. මට නායකයා සහ පුහුණුකරුවා කවුද කියන එකත් ප‍්‍රශ්නයක් නෙමෙයි. ඒ හින්දා මම ලෝක කුසලානට යන එක ප‍්‍රශ්නයක්ද නැද්ද කියල මම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වලින් අහල තීන්දුවක් ගන්නවා.’ යනුවෙන් පැවසීය.

Leave a Comment