කෝටි 10ක් ඉල්ලා හතුරුසිංහ SLCයට විරුද්ධව නඩු මගට

Chandika Hathurusingha

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය අද (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව ‘අද’ට වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව හතුරුසිංහ නඩු මගට ගොස් ඇති අතර, එම නඩුව ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන ‘බේරුම්කාරක’ අධිකරණයේදී ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිත බව හතුරුට සමීප ආරංචිමාර්ග තහවුරු කර සිටියේය.

මේ අතර හතුරුගේ කොන්ත්‍රාත් කාලය 2020 වසරේ දෙසැම්බර් මස වනතෙක් බලපැවැත්වෙන බවට ඔහුගේ නීතිඥයින් තර්ක කරන අතර, ක්‍රිකට් ආයතනය යොමු කළ සියලු චෝදනා පදනම් විරහිත බවද පවසයි.

Leave a Comment