in

හතුරුසිංහගේ ගිවිසුම අවලංගු කරනවා – හරීන්

තාවකාලිකව තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ගිවිසුම තව දින දෙක තුනකින් අහෝසි කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

“ඒ මහත්මයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අධිකරණයට යන්න පුළුවන්. ඒ මහතා අධිකරණයට ගිහින් එනකොට අපි ලෝක කුසලානයත් දිනලා තියෙයි. මම දැක්කා ඒ මහතාට වැටුප් ගෙවන බව මාධ්‍යවල පළ වෙලා තියෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

කොළඹ ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පවසා සිටියේය.

Leave a Comment

One Comment

  1. I think that could be the best solution to get rid of this ” White Elephant” of SLC. As Harin as mentioned and if Hathu thinks SLC is doing an injustice to him let him fight the case in the courts. By the time a decision of the case will be out SLC will save lot of money by not paying him a monthly salary until his contract expires in Dec 2020 (which will be a huge amount).