කුඩා ඉලක්කයක් වුවත් ලකුණු රැස් කිරීම වඩාත් අසීරු වූ කොළඹ එස්. එස්. සී. තණතීරුවේදී ජයග්රාහී ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා යොවුන් ක්රීඩකයෝ එංගලන්තයට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට අද (05 දා) සමත්විය. එම ජයග්රහණයත් සමඟ තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-1 ක් ලෙස සත්කාරක ශ්රී ලංකා පිල පෙරමුණ ගැනීමටද සමත්විය.