ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි ගමනට T20 ලෝක කුසලානය දිනූ පුහුණුකරුගෙන් යෝජනා පහක්

“කොහොම ද මචං… මට හොඳයි… ශ්‍රී ලංකාව හොඳට කරයි….”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු බ්‍රිතාන්‍ය ජාතික පෝල් ෆාබ්‍රේස් (Paul Farbrace) ශ්‍රී ලංකාව බොහෝ ප්‍රියකරන තැනැත්තෙකි.

අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුර දරා තිබෙන ඔහුට, තරමක් දුරට සිංහල භාෂාව කතා කිරීමට හැකියාව තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇසුරු කිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවට ඇති ඒ ලෙන්ගතුකම නිසා ම ශ්‍රී ලාංකිකයෙකු හමු වූ සෑම අවස්ථාවක ම තමන් දන්නා සිංහල දැනුම ප්‍රදර්ශනය කරන්නට ඔහු උනන්දුවක් දක්වයි.

එංගලන්තයට පසු සිය ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව බව පෝල් ෆාබ්‍රේස් ප්‍රසිද්ධියේ පවසයි.

මෑතක් වන තුරු එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරුවා ලෙස කටයුතු කළ පෝල් ෆාබ්‍රේස් ලෝක කුසලාන තරගාවලිය අතරතුර බීබීසි සිංහල සේවය සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි අනාගතය ගැන කෙටි සංවාදයකට එක් විය.

Leave a Comment