Dialog – SLC National Super League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ක්‍රීඩකයන් අද (19) සමත් වුනා. ඒ මහනුවර ක්‍රීඩකයන්ට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 37ක ජයග්‍රහණයක් අත් කරගනිමින්.