in

යළි නැගී සිටීමට මේ තරගාවලිය හොඳ ආරම්භයක් – දසුන් ශානක

ලොව දහසකුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතර ලාහෝර් නුවර පිහිටා ඇති ගඩාෆි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට සුවිශේෂී ක්‍රීඩාංගණයකි. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් වෘත්තීය භාවයකට පත්වීමේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ 1996 ලෝක කුසලාන දිනූ ක්‍රීඩාංගණය බවට පත්ව තිබීමය. එම ජයග්‍රහණයෙන් පසු විටින් විට අප ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම් කිරීමට සමත් වුවද ජ්‍යෙෂ්ඨයින්ගේ සමුගැන්මත් සමඟ ගෙවී ගිය වසර කීපය නම් ශ්‍රී ලංකාවට එතරම් සතුටු දායක තත්ත්වයක නොවීය. ක්‍රීඩා කළ බහුතරයක් තරග පරාජයට පත්විය. එසේ දිනෙන් දිනම පරාජයේ අඩියට යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නව පරිපාලනය විසින් ක්‍රීඩාව සම්බන්ධව ගනු ලබන තීරණ තීන්දු සමඟ දිනෙන් දින කණ්ඩායමක් ලෙස වර්ධනය වෙමින් පවතියි. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායමට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය හැඳින්විය හැක.

Leave a Comment