ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර නායක දසුන් ශානක පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ඉල්ලීම් කීපයක් සිදුකොට තිබුණි. මෙහිදී තමන්ට සහ තම කණ්ඩායමේ පුහුණුවීම් තවත් වැඩි කරන ලෙසට සහ පන්දුව පැයට කිලෝමීටර 145ට වඩා වේගයෙන් විසි කළ හැකි පන්දු විසි කරන්නන් කීප දෙනෙකු දසුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම විස්සයි විස්ස තරඟ රටාවේදී සහ පන්දුවාර 50 තරඟයන්හි අවසන් පන්දුවාර තුළදී වේගයෙන් පන්දුවට පහරදීමට සහ රිවර් ස්වීප්, පැඩ්ල් ස්වීප් ආදී ප්‍රහාරයන් එල්ල කිරීමට සිය කණ්ඩායම හුරු කරවන ලෙසටත් දසුන් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබුණි.
මෙම ඉල්ලීම්වලට සුබවාදී ප්‍රතිචාරයක් ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට ලොව බිහිවූ බිහිසුණුතම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ බ්‍රෙන්ඩන් මැකලම් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ උපදේශකයෙකු ලෙස එක්කර ගැනීමට සාකච්ඡා පවත්වන බවට ආරංචි මාර්ග සඳහන් කර ඇත.