in

බංග්ලාදේශයට එරෙහි පළමු පෙරහුරුවෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4 ක ජයක්

මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් අද (ඔක්තෝබර් 12 වැනිදා) ලබා ගැනීමට සමත්වූහ.

අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරයේ සපුරා ගන්නා ලද්දේ තවත් කඩුලු 4 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදි නොබිඳුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ…

Leave a Comment