‘‘පුහුණුකරු තනතුරට එනවද කියා මහේලගෙන් ඇසුවා’’ – ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධනට තමන් ආරාධනා කළ බවත් ඔහු තවමත් ඒ සඳහා සූදානම් නැති බව තමාට පැවසූ බවත් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මම හිතන්නෙ ලංකාවට දැන් අවශ්‍ය අලූත් පරපුරට හරියන පුහුණුකරුවෙක්. පරණ අදහස්වලට සහ ඒ ක‍්‍රමවේදයට යන පුහුණුකරුවෙක් ගැළපෙන්නේ නැහැ. මහේල ජයවර්ධනගේ සාර්ථකත්වය ඔහු අලූත් විදිහට පුහුණුකරන එක. ඔහු එනවනම් මම ගොඩක් කැමැතියි.’’ යනුවෙන් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.  ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ඇමැතිවරයා යළිත් වරක් මෙසේ පැවසීය. ‘‘අපි දැනට නම් කරලා තියෙනවා ලෝකයේ මුල් පස්දෙනා අතර ඉන්න පුහුණුකරුවන් තුන්දෙනෙක්. එක්කෙනෙක් ඕන වෙලාවක එන්න සුදානම්. අනිත් දෙන්නා අත්සන් කරලා තියෙන කොන්ත‍්‍රාත්තුවෙන් ඉවත් වෙලා එන්න ඕන.’’

Leave a Comment