පාකස්තානු නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32.3 කදී ලකුණු 102 කට සීමා කිරීමට සංචාරක පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 34 ක් ලබා වැඩිම ලකුණු ලාභියා බවට පත් වද්දී සහන් ආරච්චිගේ ලකුණු 23 ක් ලබා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ම ලකුණු 19 ක් තුළදී බිඳ වැටුණු අතර පස්වැනි කඩුල්ලට එක් වූ නායක කමිඳු සහ සහන් ලකුණු 50 ක් සම්බන්ධතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ.
පන්දු යැවීමේදී කැපී පෙනෙනු අබ්බාස් අෆ්රිඩි ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගනිද්දී කුරාම් ශේසාඩ් සහ නසීම් ෂා පිළිවෙළින් කඩුලු 3 සහ 2 බැගින් බිඳ හෙළූහ.
ඉලක්කය හඹා යෑමේදී පාකිස්තානු ඉනිමේ කඩුලු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් අභියෝගයක් එල්ල කිරීමට තරම් ලකුණු සංඛ්‍යාවක් නොවූ හෙයින් කලබලයකින් තොරව ප්‍රතිවාදී පිතිකරුවෝ 22 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ඉලක්කය සපුරා ගත්හ. කඩුලු 4 ක් පමණක් පන්දු යවන්නන් හමුවේ ලබා දුන් පාකිස්තානු ඉනිම වෙනුවෙන් ඔමයිර් යුසුෆ් ලකුණු 38 ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා වූවේය.
ලකුණු සාරාංශය – ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 32.2 කදී සියලු දෙනා දැවී ලකුණු 102 යි – (කමිඳු මෙන්ඩිස් 34, සහන් ආරච්චිගේ 23, කලන පෙරේරා 12, අබ්බාස් අෆ්රිඩි 30/4, කුරාම් ශේසාඩ් 19/3, නසීම් ෂා 26/2)
පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 21.2 කදී කඩුලු 4 කට ලකුණු 103 යි – (ඔමේර් යුසුෆ් 38, අබ්දුල්ලා ශෆික් 15, අගා සල්මන් 12, මොහොමඩ් තහා 19*, අෂේන් ඩැනියෙල් 30/2, පුලින තරංග 19/1, ළහිරු සමරකෝන් 12/1)