in

පළමු දිනයේදීම රමේෂ් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (ජනවාරි 31 දා) දිනයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන රමේෂ් මෙන්ඩිස් සමත්විය.

මීගමුවට එරෙහිව පැවැති තරගයේදී වේගවත් පිතිහරඹයක නියැළුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 205 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 207 කට පමණක් මුහුණ දුන්නේය. හයේ පහර 6 ක් සහ හතරේ පහර 19 ක් ඇතුළත් වුණු මෙම සුවිශේෂී ඉනිම හේතුවෙන් පළමු දිනයට තරගය නිමා කරන විට මුවර්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලකුණු 509 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ.

Leave a Comment