ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පස්වැනි දිනය දක්වා දිඟ හැරුණු පළමු තරගයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 4 ක් දවා ගැනීම පමණි. එය අත්පත් කර ගැනීමේදී පස්වැනි දිනය කොදෙව්වන්ට පමණක්ම එරෙහි සටනක් නොවූවේය. ‘වැස්ස වළාහක දෙවියන්’ සමඟද ශ්‍රී ලංකාවට ඔට්ටුවීමට සිදුවිය. ඒ සියල්ල පරදවා ‘සෝබර්ස් – තිසේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 187 ක අති විශිෂ්ඨ ජයක් අද (25 දා) අත්කර ගත්තේය.