ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18) සමත් වූයේ ලොව අංක දෙකේ කණ්ඩායම වන නවසීලන්තය පරදා කඩුලු 6ක ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමිනි. එම ජයග්‍රහණයත් සමඟින් ලෝක ටෙස්ට් තරගාවලියේ ලකුණු 60ක් ලබා ගනිමින් පෙරමුණට පැමිණීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.