පසුගියදා ක්‍රීඩා ඇමැතිවරයා හමුවූ අවස්ථාවේදි ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග පවසා ඇත්තේ වත්මන් පුහුණුකරු සමග නායකත්වයේ රාජකාරිය කිරීම අපහසු බවයි. චන්දික හතුරුසිංහව පුහුණුකරු ධුරයෙන් ඉවත් කළහොත් නායකත්වය භාර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් මේ වන විට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුව මේ වන විටත් ක්‍රීඩකයන් සමග සාකච්ඡුා කරමින් ඉදිරි තීරණය ගැනීමට සූදානම් වේ.
‘‘අපි එක්දින නායකත්වය වෙනස් කරනවා. නමුත් කාවද තවම දාන්නෙ කියලා ස්ථිර කරලා නැහැ. ඉදිරියේදී අපි හොඳට සාකච්ඡුා කරලා තමයි නායකයාව තෝරන්නෙ. කොහොම හරි අපි තෝරන නායකයා සමග හැමෝම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. අපි නායකයකු පත්කරලා ඒක හැමෝටම දැඩිව කියනවා. කණ්ඩායමේ එකමුතුකම තියාගන්න පුළුවන් කෙනෙක්ව තමයි අපි පත්කරන්නෙ. පසුගිය කාලයේ නායකයාට අවශ්‍ය පරිදි වැඩ කිරීමට අවස්ථාව හිමිනොවුණ බවත් ක්‍රීඩකයන් චෝදනා කරනවා.’’
වත්මන් තත්ත්වය අනූව ඇන්ජලෝ මැතිව්ස් හෝ නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදීමේ වැඩි අවස්ථාවක් පවතී. නමුත් චන්දික හතුරුසිංහ සමග නායකත්වය කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සුදානම් නොවීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමේ අවස්ථාවක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් එය තීරණය කරනු ලබන්නේ දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියට පෙර ක්‍රීඩා ඇමැතිවරයා විසින් ගනු ලබන තීන්දු තීරණ අනුවය. නව නායකයා තවත් සතියකින් පමණ නම් කිරීමට නියමිතව තිබේ. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයට හොඳම සුදුස්සා බවට මේ වන විට වැඩි කතා බහට ලක්ව තිබුණද චන්දික හතුරුසිංහ සමග ඇති අවුල් සහගත තත්ත්වය හේතුවෙන් නායකයා තේරීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවද දෙගිඩියාවකින් පසුවේ.
Sorry about the non-related news part. Mistakenly copied.
Angelo, Chandimal, Malinga, Thisara, Dimuth, Lakmal, Kapugedara, Now Dickwella More captains than the players I guess, LOL
Forgot Tharanga
Come man don’t put Rubbish and kill viewers time , That’s also like Hathru’s Axing , Malinga Will captain the team till world cup if you not sure get a print screen and save it