ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධූරයට දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා පත්කිරීමේ යෝජනාව අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
එංගලන්තයේ හිටපු ප්‍රබල පිතිකරුවකු වන මාක් රාම්ප්‍රකාෂ් මහතා පුහුණුකරු ධූරයට පත්වීමට සූදානම්ව සිටිය ද ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ඒ මහතා අවසන් මොහොතේ පුහුණුකරු ධූරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.