දේශීය පුහුණුකරුවන් පුහුණුවට වට්මෝර්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරු නොවැම්බර් මාසයට පෙර

‘‘ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවන් බඳවා ගන්නට අපි කටයුතු කරලා තියෙනවා. උපරිම දක්ෂතා දැක්වීමේ පුහුණුකරු මධ්‍යස්ථානයට අලූතින් පුහුණුකරුවන් බඳවා ගත්තා. ජාතික කණ්ඩයමේ පුහුණුකරුවා සම්බන්ධයෙන් හතුරුසිංහ ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ප‍්‍රශ්නය අපි පැත්තක තියලා අලූත් පුහුනණුකරුවෙක් ලබන නොවැම්බර් මාසයට පෙර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනටමත් අපි පුහුණුකරුවන් තිදෙනෙක් සමග සාකච්ඡුා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ක‍්‍රිකට් ගැන දන්න ඩෙව් වට්මෝර්ව ගෙන්වා ගැනීමටත් අපි වැඩපිළිවෙලක් සකස් කරලා ඉවරයි. ඔහුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග සම්බන්ධ කරගෙන දිස්ත‍්‍රික් සහ පළාත් පුහුණුකරුවන් හරියට කළමණාකරනය කරමින් ඉදිරියට ගෙන ඒම තමයි ඔහුට පැවරෙන වගකීම. ජාතික කණ්ඩායම නියෝජනය කළ හොඳ පරිණත ක‍්‍රීඩකයන් මෙන්ම පුහුණුකරුවන් අපිට ඉන්නවා. ලෝකයේ ඉන්න හොඳ පුහුණුකරුවන් ලංකාවට ගෙනල්ලා අපේ පුහුණුකරුවන්ට ඔවුන්ගේ දැනුම දෙනවා. ඒ වගේම සැලැස්මවල් තමයි අපි ඉදිරියේදී කරන්නෙ.’’

Leave a Comment