in

Sri Lanka win 2nd warm-up match by 38 runs | Scorecard , Match details

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙනු ලබන පුහුණු තරග අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණුව බවට පත් වුණු පැපුවා නිව්ගිනියාවට එරෙහි තරගයෙන් ලකුණු 38 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14 දා) සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹා ගිය පැපුවා නිව්ගිනියාවට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ රැස් කර ගත හැකි වූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 124 ක් පමණි. ප්‍රතිවාදී පිතිකරුවන් අතරින් අසාද් වාලා ලකුණු 51 ක් ලබා හුදෙකලා සටනක නිරත වද්දී දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. ඔවුන්ට අමතර නායක දසුන් ශානක, චාමික කරුණාරත්න සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්හ.

Leave a Comment