අසලංකගේ නායකත්වයෙන් යුතු ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ව සිටියි. ඒ අතරට ටෙස්ට් වරම් දිනූ සාමාජිකයින් 11 දෙනෙකු කණ්ඩායමට ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය සහ විශ්ව ප්‍රනාන්දු ටෙස්ට් වරම් දිනා සිව්දින පුහුණු තරගයට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබා සිටින ක්‍රීඩකයෝ වෙති.
in News
චරිත් අසලංකට ‘ටෙස්ට්’ පරීක්ෂණයක්
