ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන්ට වාර්ෂික කොන්ත්රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයට මුදල් රැගෙන එන්නේ මෙම ක්රීඩකයන් නිසා ඒ හේතුවෙන් ක්රීඩකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ක්රිකට් බලධාරීන් හැටියට ක්රීඩකයන් නොසලකා හැරිය නොහැකි බවත් මොහාන් ද සිල්වා මහතා කීය.
මීට පෙර කොන්ත්රාත්තුවට ඇතුළත්ව සිටි ක්රීඩකයන්ට අමතරව තවත් ක්රීඩකයන් කිහිප දෙනකු කොන්ත්රාත්තුවට ඇතුළත් වන බවත් පෙර පැවති කොන්ත්රාත්තුවම ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.