පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ 22 වැනි තරගය ලෙසින් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් මුණ ගැසෙන තරගය හෙට (28 වැනිදා) ඩුබායි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වේ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ අපරාජිතව පසුවන කණ්ඩායම් දෙකෙන් හෙට ජය ගනු ලබන කණ්ඩායම අපරාජිතව ඉදිරියට ඇදෙනවා පමණක් නොව දෙරට අතර විස්සයි-20 තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණයන් ලබා සිටින රට බවටද පත්වනු ඇත…