in

LPL 🏏 2020 එක්ක දේශීය මාද්‍ය තරහවෙලාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් වල වියවස්ථාව වෙනස් වී එහි දේශීය තරග රටාව (County / Provincial ) Model එකකට මූලිකත්වයෙන් Club ඊට යටින් පෙළ ගැසීම ඉතාම ඉක්මනින් සිදුවිය යුතුය , එක් කේන්ද්‍රකට  ඇති පාලන බලය , අනෙක් පාර්ශවයටද ලැබෙන පරිදි වෙනස්  නොවුනොත් , අනෙක් රටවලට සමගාමීම ශ්‍රීලංකා ක්‍රිකට් දියුණුව ලත් තැනම ලොප් වීමේ සම්භාවිතවය ඉතා ඉහළ අගයක් ගනී, ශ්‍රීලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පිළිබදව මගේ මතය එයයි , එහෙත් ඉතා කාර්‍යශූර තරුණ රට නියෝජනය කරපු ක්‍රීඩා ඇමතිකෙනෙක් පත්ව ඇති නිසාත්, National Sports Council එකේ ප්‍රධානි මහේල ජයවර්ධන නිසාත් , සංගක්කාරද ඔහුගේ සහයට සිටින නිසාත් ඉදිරිය පිළිබද යහපත් බලාපොරොත්තු තබා ගත හැකිය . නිසි අවකාශය බිහිවුවහොත් ඔහුන් දෙදෙනා මෙන්ම, වත්මන් පාලනාධිකාරිය පිළිබදව කලකිරී සිටින සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් යළි නගාසිටුවීමට එක් රොක්වන දිනය වැඩි ඈතක නොවේ

2012 SLPL තරගාවලියෙන් පසු වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය වසර තුන පුරාම  දැඩි උත්සාහයක් ගත්තේ  Franchise Model එකේ තරගාවලියක් පැවැත්වීමටයි. වත්මන් #LPL2020 තරගාවලිය පෙළ ගැසෙන තෙක් ක්‍රීඩාලෝලීන් වත්මන් ක්‍රිකට් පාලාධිකාරය බැහැර කළේ හුදු  උපාහාසයකිනි, තත්ත්වය එසේ තිබියදී #LPL2020 පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය වී අහවරය . ඒ සදහා IPG  ආයතනය සංවිධාන ශක්තිය සපයන අතර විකාශන අයිතිය ඇතුළු සියලුම මූලිකාංග අවසන් වී ඇත, තව ඇත්තේ දින 8 පමණි. 

LPL2020 තරගාවලියට අඛණ්ඩව බාධා එල්ල වී තිබුණි , Covid19 අවධානම, කණ්ඩායම් හිමිකරුවන් පිළිබඳ ප්‍රශ්න , පොරොන්දු වූ ක්‍රීඩකයන් නොපැමිණීමේ ප්‍රශ්න , පුහුණුකරුවන් පිළිබඳ ප්‍රශ්න ආදී සියලු අභියෝග වලට ඉතා නිර්භීතව මුහුණ දී දැනටත් ඒ අභියෝග වලට සාර්ථකම මුනුණ දෙමින් පවතී ඒ ගෞරවය වත්මන් ක්‍රිකට් පාලාධිකාරයට නිතැතින් ලැබිය යුතුය

 ඒ අතරින් දැවන්තම අභියෝගය වූයේ දැනට ශ්‍රීලංකාව පුරා වයාප්තව ඇති කොවිඩ් දෙවෙනි රැල්ලේ අභියෝගයයි, ඒ සදහා වත්මන් ක්‍රීඩා අමාත්‍යතුමාගේ මග පෙන්වීමෙන් සෞඛ්‍ය බලධාරීන් සමග පැවත්වූ සාර්ථක සාකච්ඡා වට කිහිපයකින් පසු අනුමැතිය ලබා ගැනීමට හැකිවිය, අනෙකුත් සියලුම රටවල් New Normal පරිසරයට අනුගතවෙමින් සාර්ථකව සියලුම ක්‍රීඩා පවත්වාගෙන යන අතර , ඒ සදහා ” Bio Bubble ” ක්‍රමවේදය අපගේ සෞඛ්‍ය බලධාරීන්ට තේරුම් කිරීමත් සමග , LPL2020  තරගාවලිය පැවැත්වීමට පළමු වෙඩිමුරය තැබීමට හැකිවිය. ඒ හරහා ඉතාම කෙටි කාලයකින් වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ සංවිධාන කටයුතු  කරන IPG ආයතනය ප්‍රශංශනීය  ආකාරයෙන්  කටයුතු සූදානම් කළේය , 

තව දින කිහිපයකින් නැවතත් ශ්‍රීලාංකීය ක්‍රිකට් වසන්තය උදාවීමට නියමිතයි, ඒ සදහා තිරයෙන් ඉදිරියේ මෙන්ම තිරයෙන් පිටිපසද සිටින සියළුම පාර්ශවයන්ට හිස නමා ආචාර කරන්නේ , ශ්‍රීලංකාවේ ක්‍රිකට් ආනාගතයට මින් ලැබෙන ප්‍රයෝජනය මිල කළ නොහැකි නිසාය , සියලුම කටයුතු  විනිවිදභාවයකින් සිදුවෙතැයි බලාපොරොත්තුවෙන් සිටිමු

තවත් ඉතාම පුදුම එළවනසුලු කාරණාව වන්නේ , මෙවන් අන්තර්ජාතික මට්ටමේ විකාශය වන තරගාවලියක් පිළිබදව දේශීය මාද්‍ය වාර්තාකර්ණය ඉතාම සෝචනීය තත්ත්වයක ඇත . අඩුම තරමේ ක්‍රීඩා පුවත්වලටවත් මෙයට ලබා දිය යුතු ප්‍රචාරය ලබා නොදෙන පසුබිමක් නිර්මාණය වෙමින් පවතී . එනමුදු එක් නාලිකාවක් ඉතාම පහළ දැනුමක් ඇති ස්වාමීන් වන්සේ නමක් ගෙන්වා මාද්‍ය හමුවක් පවත්වා ඒ සදහා විශාල ප්‍රචාරණයක් ලබා දුන්නේය, ඒ ස්වාමින් වහන්සේ කිසිම කරුණක් මෙන්ම තාක්ෂණි කාරණාවක් නොදැන කොළයක්  බලා මේ තරහාවලියට පහර ගසනු දක්නට ලැබුණි, මේ සදහා මුදල් විදේශ ආයෝජකයින් විසින් ලබා දෙන බවවත් උන් වහන්සේට ලියා දී නොතිබිණි , විදේශ මුදල් ආයෝජනය  ,ක්‍රිකට් ක්‍රීඩාමය අයුරින් මෙයට ලැබෙන ආයෝජනය මිල කළ හැක්කක් නොවේ නිරවද්‍ය කාරණා සමාජගත් කිරීම මාද්‍ය වගකීමයි

New Normal තත්ත්වයන්ට අනුගත වී රට ඉදිරියට ගමන් කළ යුතුය . අභියෝග වලට මුහුණ දී එය ජය ගත යුතුය, මෙහෙදී මට හැගෙනා ලෙස දේශීය මාද්‍ය ආයතන වලට මේ සදහා ඇති ප්‍රධානම ගැටලුව වී ඇත්තේ , මෙම ක්‍රීඩා තරගාවලියේ රාත්‍රී තරග පැවැත්වෙන කාලය රාත්‍රී 7.30 ත් රාත්‍රී 11.00 අතර වීම බව බැලූ බැල්මට පෙනේ, එහිදී ඔවුන්ගේ රූපවාහිනි නාලිකාවල දිනයේ ස්වණමය ගුවන් කාලය LPL2020  විකාශය සමග සෘජුවම ගැටීමක් ඇතිවේ

 එහෙත් අනෙක් රටවල් රැසක මෙවන් උපැහැරණ පෙන්වීම කලුණික සොයන්නාක් මෙන් අසීරු වන්නේ , බොහෝ රටවල්වල මාද්‍ය ආයතන මෙවැනි දේශීය  තරගාවලිවලට ලබා දෙන ප්‍රසිද්ධය තමන්ගේ ජාතික වගකීමක් මෙන් සිතන නිසාය, තවත් සුනංගු නැත , ඉතිරි දින 8 දී හෝ මාද්‍ය වගකීම හරිහැටි තේරුම් අරගෙන , මෙම තරගාවලිය ඔසවා තැබීමට තමන්ට හැකි අයුරින් දේශීය මාද්‍ය  ප්‍රචාරණය ලබා දෙන මෙන් ක්‍රීඩා ලෝලී සියලුම දෙනා වෙනුවෙන් ගෞරවයෙන් ඉල්ලමි , මීට අමතරව කරන සෑම කටයුත්තකම වැරැද්දම දකින විපක්ෂයේ මන්ත්‍රවරුන්ටද ඇත්තේ වරදිනකම් බලා නොසිට මෙය සාර්ථක කර ගැනීමට වචනෙකින් හෝ දායක වන ලෙසයි, ඉන්දියාවේ IPL එක මහ ඉහළින් පෙන්නපු  දේශීය මාද්‍ය  ඊටවඩා වැඩියමක් කරනු ඇතැයි අපේක්ශා කරම්. අඩුම තරමේ ඒ අඩුව පිරවීමට දේශීය විකාශන අයිතිය හිමි ITN ආයතනය හෝ මූලිකත්ව ගන්නා ඇතැයි කියා විශ්වාස කරමි

අනෙක් විශේෂම කාරණාව වන්නේ මෙනම ආයාචනය වන්නේ , සාවද්‍ය පුවත් ඵල කරමින් සමාජ මාද්‍ය හරහා මෙම තරගාවලිය අපහසුතාවට පත්කරන මුදල් ලබන හෝ නොලබල පාර්ශවයන්ට එවන් බාල වැඩ කිරීමෙන් ඉවත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමයි. කිමද හොද ආරංචියකට වඩා ඔබ ඵල කරන බොරුවක් සමාජගත් වන්නේ තටු ලැබෙන්නාක් මෙන් ඉක්මනින්ය, සමාජ මාද්‍ය මගින් මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට අනුබලය ලබා දෙන සියලුම ක්‍රිකට් ප්‍රේමී ජනතාවට Hats Off   

26 වෙනිදට හැමෝම එක්වෙලා මේ ලබා ගන්න ජයග්‍රහණය සතුටින් විද දරා ගනිමු, ක්‍රීඩා අමාත්‍යාතුමා  , ක්‍රිකට් පාලක මණ්ඩලය ,සෞඛ්‍ය බලධාරීන් , සංවිධායකයන් ,ආරක්ශක හමුදා ඇතුළු සියළු පාර්ශවනට හදපිරි ප්‍රණාමය

සටහන  :  සජීව රත්කරව්ව 

Photo Courtesy : Ishrath Imithiaz and LPL Fan Pages 

Leave a Comment