in

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලයිස්තුව වෙනස් කල යුතුය

එක්දින පිතිකරණ ලයිස්තුව හා විස්සයි විස්ස පිතිකරණ ලයිස්තුව ඉතාම දුර්වලය. තරග දිනවිය නොහැක. ඕස්ටේ‍ර්ලියා කණ්ඩායම දෙස බලන්න. ඔවුන්ගේ මුලින්ම පහර දෙනුයේ අරොන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර්ය. නමුත් අප කණ්ඩායමේ පැතුම් නිස්සංක හා දනුශ්ක ගුණතිලක එවැනි පිතිකරු දෙදෙනෙක් නොවේය. පැතුම් ටෙස්ට් ක්‍රිකට් සදහා සුදුසු මන්දගාමි පිතිකරුවෙකි. දනුශ්ක ගුණතිලක යනු අපරික්ෂාකාරී ලෙස පහර දෙන පිතිකරුවෙකි. ඔහු දේශීය තරග වලදී දක්ෂතා දැක්වූවත් අන්තර්ජාතික තරග වලදී ඉතාම අඥාණශීලිව දැවී යයි.

පිතිකරණ ලැයිස්තුවේ තරග දිනවන්නකු ලෙස නම් කල හැක්කේ දසුන් ශානක පමනකී. එක් පිතිකරුවෙක්ගෙන් පමනක් තරග දිනිය නොහැක. ඇන්ජලෝ මැතිව්ස් හොද ආදේශකයෙකි. නමුත් ඔහු බොහෝ විට අබාධ වලට ගොදුරැ වන ක්‍රීඩයෙකි. කුසල් මෙන්ඩිස් යනු කිසිම විශ්වාසයක් තිබිය නොහැකි පන්දු කාදමන සහ දුර්වල ලෙස කඩුල්ල පූජා කරන ක්‍රීඩයෙකි. Hit wicket අකාරයෙන් දැවීයනු අපි දුටුවෙමු. ඔහු පිත්ත අල්ලා සිටින අකාරයටම off side එකෙන් දැවීයෑමට ආසන්න බව පෙනේ.

චරිත් අසලංකත් පන්දු කාදමන කලබල සහිත බොරු රගාපෑමක නිරතවන ක්‍රීඩයෙකි. ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැක. ඔහු ඉදහිට ලකුණු 20ක් පමණ ලබා ගනියි. දිගු ඉනිම් වලට යන්නේ නැත.

අවිශ්ක ප්‍රනාන්දු නැතිවීම ලොකු පාඩුවකි. ඔහු ආබාධයට ලක්වී ඇතැයි සිතමු. දනන්ජය ද සිල්වාද තේරුමක් නැති පිතිකරුවෙකි. ටෙස්ට් තරගවලට සුදුසුය. ඔහු ඉදහිට ශතක ලබා ගනියි. නමුත් සීමිත ඕවර තරග වලදී ලකුණු ලබා ගැනීමේ වේගය පහල දමන පුද්ගලයෙකි.

භානුක රාජපක්ෂ අඥාණ ලෙස දැවීයන ක්‍රීඩයෙකි.ඔහුට ක්‍රිකට් බුද්ධිය අවම ලෙස පිහිටා ඇත. ඔහු දිගු ඉනිම් වලට යායුතු ක්‍රීඩකයෙකි.ස්ටීවන් ස්මිත්ව අනුගමනයට ගත යුතුය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙස හැරී බලන්න. ඔවුන්ගේ ඉතා දක්ෂ පිතිකරණ ලැයිස්තුවක් ඇත.ග්ලෙන් මැක්ස්වල් පහර දෙන්න පැමිනෙනුයේ ඉතා පහලිනි.ඔවුන් හබා යන විට run rate එක කිසිවිටකත් පහල දැමීමට ඉඩ සලස්වන්නේ නැත.

නමුත් අප පිතිකරුවන් කිසිම සැලැස්මකින් තොරව පහර දෙයි. මෙම පිතිකරණ ලැයිස්තුව යෝජනා කිරීමට සුදුසුය.

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් ජනිත්

දිනේෂ් චන්දිමාල්

ඇන්ජලෝ මැතිව්ස්

භානුක රාජපක්ෂ

පැතුම් නිස්සංක

දසුන් ශානක

වනිදු හසරංග

චාමික කරුණාරත්න

දුශ්මන්ත චමීර

මහේෂ් තීක්ෂණ

Leave a Comment