in

මෙල්ගෙ න්‍යාය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය

හතුරුසිංහ ආගමනයත් සමග ඔහුට බොහෝ බලතල හිමිවූ අතර හතුරුසිංහ මහතාට සියලුව පරාජයගේ වගකීමද නිතැතින්ම හිමිවිය. වත්මන් තේරීම් කමිටු සභාපති පැමිණීමත් සමග හතුරුසිංහ මහතාට තිබූ බලතල ඔහු  වෙත ලබා ගත්තේ රජුන් දෙදෙනෙකුට එක රාජධානියේ රජකම් කිරීමට නොහැකි බව ඒත්තු ගන්වන්නාක් මෙන්‍ ය  .තේරීම් කටයුතු වලින් හතුරුසිංහ මහතාව සම්පූර්ණයෙන් ඉවත් කර , ලෝක කුසලාන තරගාවලිය වවිට කණ්ඩායමේ කළමනාකරු වීමට තරම් මෙල් මහතා දක්ශයෙකු විය.

එහෙයින් ලෝක කුසලාන සංචිතය සහ එහි ප්‍රතිවිපාක වලටද අසන්ත ඩි මෙල් මහතා සෘජුවම අඩුම තරමේ 75% වග කිව යුතුය.හේතුව හතුරුසිංහ මහතා ගොඩ නගා ආ සංචිතයේ සිටි ගුණතිලක , අකිල , දික්වැල්ල , දසුන් ,චන්දිමාල්  වැන්නවුන් ඉවතට විසිවී සිටි නිසාය.

එසේ නම් අපි බලමු මෙල්ගේ කණ්ඩායමෙ දක්ශතා

කුසල් මෙන්ඩිස් : කුසල් මෙන්ඩිස් යනු ශ්‍රීලංකා ක්‍රිකට් අනාගතයයි ඔහු වෙනුවෙන් සිදු කළ ආයෝජනය මත ඔහුව ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීම පිළිබද විවේචනයක් මට නැතත් , තරගාවලියේ ඔහු අසාර්ථක වීම  සහ දිගින් දිගටම ඕවර් 50 තරගවල ඔහු විසින් පෙන්වන දුර්වල තරගරටාව නිසා ඔහු වෙත මානසික විවේකයක් ලබා දීම අනිවාර්යය වුවත් , පිතිකරුවන් අංක 6 දක්වා ස්ථාවර යැයි පැවසීම තනිකරම තමන් තේරූ කණ්ඩායම හරි යයි යලි යලිත් තහවුරු කිරීමට ගන්නා කූට උත්සාහයකි ,

2) ධනංජය සිල්වා : ඉතාම හොද මුල් පෙල පිතිකරුවෙක් වුවද , දුර්වල කළමනාකාරීත්වය මත සෑමවිටම වේගයෙන් ලකුණු රැස් කළ යුතු අංක 6,7,8 ස්ථාන වල දැඩි පරිශ්‍රමයක් දැරීමට ධනාට සිදුවූයේ මෙල් මහතා ප්‍රමුඛ කළමනාකාරීත්වයට පිං සිදුවන්නටය, ඔහුගෙන් ගත යුත්ත ගන්නට නොහැකිවිය. මෙම කරුණු සහ වාර්තා හුවා දක්වා මෙල් මහතාගෙන් තාර්කික ප්‍රශ්නයක් අසන්නත් මාද්‍යවේදියෙක් මාද්‍ය සාකච්ඡාව පුරා දක්නට නොලැබිණි

තිසර පෙරේරා : මෙල් මහතාට අනුව ඔහු තිසර පේරේරාව කණ්ඩායමට ගෙන ඇත්තේ

පන්දුවාර 10 අඩු ලකුණු ගනනකට යැවීමටයි, මෙල් මහතාට අනුවනම් තිසරගේ පිතිහරඹය ගැන ඔහුට වගක් නැත , තිසර මුලු තරගාවලිය පුරාම ලබා ගත්තේ එක් කඩුල්ලක් පමණි, අනෙක් පන්දු යවන්නන් ලෙස උදාන :6 ,  ප්‍රදීප් : 5 , ධනංජය : 5 , කඩුලු ලබාගෙන තිබුණි, මාලිංග පමණක් කඩුලු 13 ලබාගෙන දස්කම් පෙන්වීය. මාලිංග හැර අනික් පන්දුයවන්නන් ලබාගත් කඩුලු තරග ගනනෙන් බෙදූ විට මෙල් මහතාගේ කණ්ඩායමේ පන්දුවයන්නන් තරගයක ලබාගත් කඩුලු සාමන්‍ය දැක ගත් හැකිය , මෙල් මහතාට අනුව මාලිංග සෑම තරග ජයග්‍රහණයක් සදහාම කඩුලු 5, 6 ලබා ලබා ගත යුතුව තිබිණ , ගණන් අනුව නම් එය එසේය.මාද්‍යවේදීන් ලෙස මීට වඩා මෙම කරුණු වාර්තා සමග ප්‍රශ්න කළ යුතුව තිබුණියයි හැගේ

ලෝක කුසලානයට යෑමට පෙර දික්වැල්ල කණ්ඩායමේ නැත්තේ ඇයි යන වග විමසූ විට මෙල් මහතා කියා සිටියේ TV එක ON කරන විටම ඔහු Out වී යන නිසා බවයි,

එසේනම් දකුණු අප්‍රිකානු තරගාවලියේ මෙන්ම ලෝක කුසලානයේ දෙකේම අසාර්ථක වූ තිසරව ඉවත් නොකරන බවට ඉගි පල කරන්නේ දසුන් ශානක හෝ අසේල පැමිණ දක්ශතා දැක්වූවොත් මෙල් මහතාගේ පටි රෝල් වන නිසා නොවේද ??

තිසර වැනි වගකීමක් නැති ක්‍රීඩකයෙක් නැවත ඕවර් 50 තරග වල දුටුවහොත් 2023 ගැන තිබෙන බලාපොරොත්තු මේ දැන්ම අතහැරගත්තාට කම් නැත. කිමද දසුන් ශානක , චාමික කරුණාරත්න  වැන්නකු හදා ගැනීමට එය දැඩි බාධාවක් නිසාවෙනි

ජෙෆ්රි වැන්ඩසී : ඔහුට වඩා දක්ශ දග පන්දු යවන්නන් දුසිම්  ගණන් සොයා ගත් හැකි අතර අන්තර් සමාජ සහ පළාත් තරගවල ඔහුට වඩා දක්ශතා විශාල ලෙස දැක්වූ වනිදු හසරංග වැන්නකු ඉවත් වීම පුදුම එලවනසුලුය, ලබාදුන් එකම තරගයේම ඔහුගේ ඕවර් තුනක් Cover කිරීමට තරගාවලියේ මෙතෙක් පන්දු නොයැවූ දිමුත්ට සහ මාස ගණනාවකින් පුහුණු දැල තුලවත් පන්දු නොයැවූ ඇන්ජෙලො මැතිව්ස්ට සිදුවූයේ ලැජ්ජා උපදවන පරිද්දෙනි. මෙල් මහතාගේ තේරීමට අනුව ලංකාවේ සිටන පරිපූර්ණ   wrist Spinner ඔහුය, සැවොම දුටුවෙමු ඔහුගේ රග , අකිල දනංජය සිටියානම් ඔයිට වඩා සෑහෙන දෙයක් තුන් ඉරියව්වෙන්ම ලබා දීමට හැකිව තිබිණි

සුරංග ලක්මාල් : මෙහිදී හතුරුසිංහ මහතාට තුති පිදිය යුත්තේ ඕවර් 50 තරග සදහා ලක්මාල්ව ඔහු කණ්ඩායම නොගෙන සිටීමෙනි . ඉතාම හොදින් දස්කම් අතර සිටි ධම්මික ප්‍රසාද්ව නම් කළා නම් එංගලන්ත තණතීරුවල මීට වඩා වැඩක් ගත හැකිව තිබුනේ අනෙකුත් ප්‍රදාන පන්දු යවන්නන් ආබාධ වලට පත්වීම නිසාය

ජීවන් මෙන්ඩිස් : පිතිකරණයේ ධනංජයටත් උඩින් එවා ඔහුව අමාරුවේ දැම්මා යැයි මට හැගින, ඔහුව පන්දුයවන්නෙක් ලෙස යොදාගත් ආකරය පිළිබදවත් ප්‍රසාදයක් නොමැත, ඔහුව නිසි ලෙස යොදා ගත්තානම් ඔහුගෙන් මීට වඩා දෙයක් ගත් යුතුව තිබිණ . ලද අවස්ථාවෙන් ප්‍රයෝජන නොගත් ජීවන් මෙන්ඩිස්ද මීට වග කිව යුතුය. කෙසේ වෙතත් මෙයටද වග කිව යුත්තේ තේරීම කමිටු සභාපතිතුමාය

මිලින්ද සිරිවර්ධන : එතරම්ම සුවිශේෂී දක්ශතා පෙන්වා නොතිබුණු පසුබිමක ඔහුව තෝරා ඔහුගේ ක්‍රීඩා දිවියට වල කැපූ බවක් දක්නට ලැබිණ , පුහුණු තරගයකවත් නිසි ලෙස පිතිහරඹයේ යෙදෙන්නට ඔහුට අවසර නොලැබිණ. එක් පුහුණු තරගයක ඔහු පිතිකරණයට පැමිණීයේ සුරංග ලක්මාල්ටද පසුය, ඔහුට ලැබුණේ එක් අසාධාරණ ලෙස ලැබුණේ තරගයක් පමණි. ඔහුටද ඉන් සෑහීමට පත්වී වල තමාගේ වල තමාම කපා ගන්නට සිදුවන්නේ මෙල් මහතා ප්‍රමුඛ තේරීම් සහ කළමනාකාරීත්වයට පිං සිදුවන්නටය

දික්වැල්ල සහ ශෙහාන් ඉන්දීය A කණ්ඩායම සමග දස්කම්  දැක්වූ බව සැබෑව එහෙත් ඔවුනට පෙර එම අවස්තාව ලබාගෙන මාස ගණනාවක් එංගලන්තයේ සිට් ඕශද ප්‍රනාන්දුට සිදු වන්නේ කුමක්ද යන්න උභතෝකෝටික පැණයක් වන්නේ ඕශදට ක්‍රීඩා කරන්නට අවස්තාවක් නොලැබූ නිසාවෙනි ??

දුර්වල දියාරු  ක්‍රීඩා රටාවක් පෙන්වූ පිතිකරණය අංක 1 සිට 6 දක්වා ස්ථාවර යයි පවසා තමන්ගේ ජාමේ බේරා ගැනීමට යාම ආබාධ යැයි කියමින් ලෝක කුසලාන කණඩායමට නොතේරූ දක්ශයන් වන දසුන් ශානක , අසේල ගුණරත්න , ධනුශ්ක ගුණතිලක , සහ චන්දිමාල්  වැන්නවුගේ අවස්ථාව  දැඩි ලෙස නැති කිරීමකි

තිසර සිටින්නේ ඕවර් 10 අඩුවට දමා අංක 7 අසාර්ථක වෙන්න නම්

දැඩිලෙස අසාර්ථක මැද පෙළ ස්තාවර යයි කියා දක්ශයගේ දොර වසන්නේ, එම දක්ශයන් නැවත් පැමිණ දස්කම් පෙන්වූවොත් , ඔය තේරිම් කමිටුවටත් , කළමනාකරුටවත් ඔවුන්ට සිදුවන දෙය හොදින් දන්නා නිසාවෙනි

ඇත්තේ එකම බලාපොරොත්තු ක් පමණි. මෙම උද්දච්ච තේරීම් කමිටුවත් , දුර්වල පාලනාධිකාරිය , සහ වැඩ බැරි පුහුණුකරුවන් තෝරා  වෙනස් කර ක්‍රිකට් ව්‍යවස්ථාවත් , ශක්තිමත් පළමු පෙළ තරගාවලියකුත් ස්ථාපනය කිරීමයි , හරීන් ප්‍රනාන්දු ඇමතිතුමානි ඔලුව ඉදිමිච්ච් මෙවන් මිනිසුන්ගෙන් ක්‍රිකට් බේරා ගැනීමට ඔබට හැකි වේවායි අපි විමසිල්ලෙන්  බලා සිටිමු,

නුවන් කුලසේකර යනු ඕවර් 50 සහ 20 ලෝක කුසලාන අවසාන තරග 6ක ක්‍රීඩා කළ අති දක්ශ ක්‍රීඩකයෙක්, මෙම පුද්ගලයාට වඩා කුලසේකර අපිට මහ මෙරක්, මෙවන්නගේ ගැරහුමට කුලසේකට ලක් නොවිය යුතුය

මේ යන ආකාරයට 2023 කෙසේ වෙතත් තව අවුරුදු දෙක තුනකින් ශ්‍රීලංකාවට ICC තරගාවලිවල Qalifying Round වල නම් නිතැතින් දකින්නට හැකි වේවි

මෙවන් මාද්‍ය සාකච්ඡාවලට සහභාගී වන මාදය වේදීන් තොරතුරු , වාර්තා, සාක්ශි තර්ක  සමග සහභාගි කරවන ලෙසද මාද්‍ය ප්‍රදානීන්ගෙන් ඉල්ලා සිටිමි

සටහන : සජීව රත්කරව්ව

Leave a Comment