in

ධම්මික ප්‍රසාද් තේරීම් කමිටුවට අමතකද??

Dhammika Prasad

මෑත යුගයේ නොයෙකුත් හේතූන් නිසා අසාධාරණයට ලක්වූ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් ඇත, යම් යම් බලපෑම් නිසා පසුගිය තරග තීරක වරයෙකු ප්‍රමුඛ  තේරීම කමිටුව එක හැන්දෙන් ක්‍රීඩකයන්ට සැලකීම දක්නට ලැබිණ . ඉන් අසාධාරණයට ලක් වූ එක් ක්‍රීඩකයකු ලෙස ධම්මික ප්‍රසාද්ව හැදින්වීමට පිළිවන. ආබාධ තත්ත්වයෙන් වසර දෙකක් පීඩා විදීමෙන් පසුව ඔහු තමන් තරග කිරීමට සූදානම් බව පසුගිය තේරීම් කමිටුවට දැනුම් දෙන ලදී, ආබාධ සිදුවන විට ශ්‍රීලංකා කණ්ඩායමේ අංක එකේ පන්දු යවන්නාව සිටි ධම්මිකට කණ්ඩායමට පැමිණීමට නම් පළමු පෙල මුලු තරග වාරයටම ක්‍රීඩා කලයුතු බව දැනුම් දෙන ලදී, ඔහු එසේ කලද ඔහුට ලබා දිය යුතුව තිබූ අවස්තාව යම් යම් බලපෑම් මගින් නතර කරන ආකාරයක් දක්නට ලැබිණ . ඉකුත් තේරීම් සභාපති දුර්වල තේරීම් රැසක් සිදුකර යන්න ගොසින්‍ ඇත. නව තේරීම් කමිටුවක් පත්ව ඇත. සුවිශේෂී කරුණ නම් ධම්මික මෙවර තරග වාරයේ SSC කණ්ඩායම මෙහෙයවමින්, වැඩි පන්දුවාර ප්‍රමාණයක් යවමින් තමන් තවමත් යහපත් ශරීර සුවතාවයකින් සිටිනා බව ඔප්පු කරමින් සිටීමයි ,

Premier Tier A සුපිරි 8 තරග ආරම්භ වී ඇති අතර පසුගිය සති අන්තයේදී පන්දවාර 19 ක් යවමින් යුදහමුදා කණ්ඩායමට එරෙහිම කඩුලු 3 ක් සහ ජනවාරි  31 දින ප්‍රබල  NCC කණ්ඩායමට එරෙහිවද කඩුලු 3 ක් දවා ගනිමින් , කඩුලු දඩයම ආරම්භ කර ඇත.( ප්‍රදීප් / දුශ්මන්ත / කුමාර /ලක්මාල් )සියල්ලම ආබාධ ලැයිස්තුව පුරවද්දී ධම්මික ප්‍රසාද්ට තවමත් කැදවීමක් නැත්තේ ඇයි යනු උභතෝකෝටික පැනයකි ,

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දකුණු අප්‍රිකානු සංචාරයේවත් මෙම වැරැද්ද

නිවරදි කර ගැනීමට  වත්මන් තේරීම් කමිටුවට නුවණ පහල වේවයි ප්‍රාර්ථනා කරමි, ඔහුගේ අතදැකීම් සමුදාය හා කඩුලු ලබා ගැනීමට ඇති පිපාසාව සාර්ථක අප්‍රිකානු සංචාරයක් සදහා මහෝපකාරී වනු ඇත,

තේරීම් නිලධාරීවරුනි මේ ඔබේ අවදානයටයි

Leave a Comment