හතුරුසිංහ වෙනුවෙන්🏆️🏆️

පුහුණුකරු වෙනුවෙන් (Nicely Guided Hathurusinghe )

එකක් දින්නාම ඔච්චර දගලන්න ඕනිද කියලා කට්ටියක් කිවුවා 😝

කුසලට ගහපු හැම එකක්ම කණාවට ලකුණු ආපු නිසා කියලා දින්නා කියලා තවත් උගත් පිරිසක් කිවුවා 😁

Coach වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් තමයි ගහන්න ඕනි කියලා මහාචාර්‍යවරු වගයක් කිවුවා වගේ මතකයි 😃

ඒ හැම දෙනාටම මැදිහත්  සිතින් කියන්නට ඇත්තේ මෙපමණයි , මෙවන් පූර්ණ  ජයග්‍රහණයක් දකුණු අප්‍රිකාවේදී  මින් පෙර ලබාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය පමණයි ,

හොදම පන්දු යවන්නන් සහ හොදම පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධිත වෙලා ඉන්න අවස්ථාවක  ලොව Test ක්‍රිකට් වර්ගීකරණයට අනුව අංක දෙකේ සිටින කණ්ඩායම පරාජය කිරීම සිහිනය සැබෑ කිරීමට හතුරුසිංහ සහ නඩයට හැකියාව ලැබුනේ සුවිශේෂී උත්සාහයක කැපකිරීමක ප්‍රතිඵලයක් මිස අහම්බෙන් නොවන වග ආචාර්යවරුන් මහාචාරයවරුන් මතක තබා ගත යුතුව

ඉපදුන දින සිටම මෙම වේගවත් තණතීරු වල හැදී වැඩුනු දකුණු අප්‍රිකානු  අති දක්ශ ක්‍රීඩකයන් පිරිසක් පරාජය කළේ, තමන්ගේ ක්‍රිකට් ජීව්තයේ එකදු Test තරගයක හෝ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කර නැති ක්‍රීඩකයන් බහුතරක් සහිත කණ්ඩායමක් සමග බවද මතක තබා ගන්න

සැබෑ ක්‍රීඩා ලෝලීන් අපි හැමෝම අවංකව සතුටු වෙන්නේ නිසි අවබෝදයක් ඇති නිසාවෙනි, කරුණාකර ජීවිතේට පිත්තක් අල්ලා නැතුව  මාදය විචාර යෙදෙන මහාචාර්ය මාද්‍යවේදීනුත්, මුදලින් පෝෂණය වී කවරාකාරයේ මඩක් ගහන තුට්ටු දෙකේ Face Book page Admin වරුයි කියන දේ අසා නොමග නොයන්න, මහා විශාල කැප කිරීමක් කරන පුහුණුකරු සහ යකඩ කොල්ලෝ රෑනත් එක්ක ඉදිරියට යමු,

තවත් රැවටෙන්න එපා

🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫🤫

Leave a Comment