හතුරුසිංහට මීලගට සිදුවන්නේ කුමක්ද??

Sri Lanka's newly-appointed head cricket coach Chandika Hathurusingha carries equipment during a practice session at the R. Premadasa Stadium in Colombo on December 28, 2017. Sri Lanka are scheduled to take part in a tri-nation, one-day international series in January against Zimbabwe and Bangladesh in Dhaka. / AFP PHOTO / ISHARA S. KODIKARA

දිගින් දිගටම පරාජය වන පසුබිමක හතුරුසිංහ ශ්‍රීලංකාවේ ක්‍රිකට් පුහුණුකරු විය යුතු බවට සමාජයේ දැඩි කතිකාවක් නිර්මාණය වේ, ඒ පසුබිමත් සමග බංගලාදේශයේ පුහුණුකාරිත්වය අත් හැර දමා නැවතත් තම මව් රටට සේවය කිරීමට ඔහු තීරණය කරන්නේ දහසක් ප්‍රශ්න  සමගය.

2018 ජනවාරියේ පුහුණු කාරිත්වය අරඹන හතුරුට සාර්ථක බංගලාදේශ  සංචාරයක් නිම කිරීමට හැකි වෙනවා, ඉන්පසු තරමක පසුබෑමකට නිදහස් කුසලානයේදී ලක් වන අතර , සකීබ් අල් හසන්ගේ බාධාකිරීම නොවුනානම් සමහරවිට වෙනස් අවසන් ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබුනේ පළමු වටයේ තරගයකින් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට හැකි වූ නිසාවෙනි, ඉන් අනතුරුව වේග පන්දු යවන්නන්ට උච්ත වැඩි ඉපිලීමක් සහිත තණතීරුවල තරගාවලිය ජය පරාජයකින් තොරව නිමාවට පත් කර ගැනීමට හැකි විය, මෙම මස අවසන් වූ එංගලන්තය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ එංගලන්තය කණ්ඩායම පවා ඔවුන් අතින් පරාජයට පත් වූ බව මතක් කිරීමට කැමත්තෙමු,

ඉන්පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී (ටෙස්ට් තරග වලින්) White Wash කිරීමට හතුරුසිංහගේ නඩයට හැකි විය, එක්දින තරගාවලිය 3:2 ලෙස ගෞරවාන්විත පරාජයක් උරුම විය, 20:20 තරග වලදීද දක්ශතා දැක්වීමට හැකි විය, ඉන් පසු එංගලන්තය සංචාරයේ මුල සිටම ICC දූෂණ මර්දන ඒක්කය කණ්ඩායමේ පරීක්ෂණ ආරම්බ වූයේ එම තරගාවලිය පුරාය, එහිදී කොපමණ මානසික පීඩාවක් ගෙන දුන්නාද යන්න , කණ්ඩායම දනී, වැදගත් තරගාවලි ඇති විට ICC මගින් සිදුවන මෙවැනි බාධාකිරීම් වලට 2016 20:20 තරගාවලියට පෙරාතුව සිදුවූ කුසල් මෙන්ඩිස්ගේ ව්‍යාජ තහනම් උත්තේජක චෝදනාව දැක්විය හැකිය, එංගලන්තය ඉතා හොදින් තරගාවලිය අවසන් කරන්නේ එවන් පසුබිමකය.

නවසීලන්ත සංචාරය ආරම්භ වන අවස්තාව වන විට ,නව ක්‍රීඩා අමාත්‍ය  වරයකු සහ තේරීම් කමිටු සභාපතිවරයකු පත් වේ , එක්දින නායකත්වයේ ඔටුන්න  චන්දිමාල්ගෙන් ගැලවී මාලින්ගට හිමිවේ, එමගින නායකත්වයට ඇස ගසාගෙන සිටින සහ නායකත්වයෙන් විසිවූ සමහරුන්ට රුස්සන්නේ නැත ඒ වන විට කණ්ඩායමේ කල්ලිවාදය ඉස්මතු වෙමින් තිබිණ, ඇන්ජලො මැතුව්ස්ගේ “Run out” සිදුවීමද මෙයට අදාල සිද්දි වේ, බංගලිදේශයේ මහමුඩුල්ලා ,සකීබ් වැන්නවුන්ගෙන් පවා හතුරු උපරිමය ලබා ගත්තේ ටිකක් රිදවීමෙනි එය පුහුණුකාරිත්වයේ දක්ශතාවයයි, ඇන්ජි එම සිදුවීමෙන් පසු තමන්ගේ උපරිම දක්ශත පෙන්වනු දක්නට ලැබුණි , ඒ සෑම ප්‍රශ්නයක් සමග ඉවසීමෙන් තම රාජකාරිය කරගෙන යාමට හතුරුසිංහ වග බලා ගත්තේය,

නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු තරගාවලි වල පරාජයන්ගෙන් පසු මුදල් වලින් පෝෂණය වන සමහරක්  (Social Media Pages) , තුට්ටු දෙකේ මාද්‍ය ආයතන වෙර දරන්නේ හතුරුසිංහ එලවීමටය,

තරග පරාජයන් නිසා ඔවුන්ට ඒ කාර්‍ය යහමින් කරගෙන යාමට ඉඩ පෑදී තිබිණ, හතුරුසිංහ 100ට 100ක් හරි නොවන අතර ඔහුගේද යම් යම් වැරදි තිබෙන බව නොරහසකි,එහෙත් කුසලානයක් අබියස ශ්‍රීලංකාවේ සියල්ල දත් Page Admin වරුන්ටයි උවමනා ලෙස  පුහුණුකරු මාරු කිරීමට නොයා එම ප්‍රශ්නය නිවරදිව විසදා පැමිණි දා සිට ඉතා ඕනෑකමින් ක්‍රිකට් නිවැරදි මාවතට ගෙන යාමට වෙර දමන හරීන් ෆෙනෑන්ඩෝ ඇමති තුමා හෙණ්ඩුව හතුරුටම පවරන්නේ ඔහුගේ අවබෝධය මනාවට කියාපාමිණි ,

අලු යට ගිනි මෙන් මේවා පිලිබද කිසිවක් නොකියූ රටට ආදරය කරන ක්‍රීඩකයන් නවකයන් රැසක් සමග ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කලේ අහම්බෙන් නොවේ, කණ්ඩායමක් ලෙස දක්ශතා නොදැක්වුවද යම් යම් ක්‍රීඩකයන් තමන්ගේ දක්ශ්තා ඉස්මතු කරගන්නේ වසරක් පුරාවට ක්‍රීඩකයන් සහ පුහුණුකාරිත්වයේ කැපවීම නිසාය,

ලැබිය යුතුම ජයග්‍රහණය ලැබී අවසන්‍,  Ratings පස්සේ දුවන තුට්ටි දෙකේ මාද්‍ය ආයතනත් , මුදලින් පෝෂණය වන Face book pages වලටයි ඔවූන් වැපිරූ බොරු බීජ ලත් තැනම ලොප් වනවාට ඇති බිය නිසාවෙන්, බූමිතෙල් ගැසූ ගැරඩියන් මෙන් හැසිරීම හැමදාමත් ක්‍රිකට් වලට ආදරය කරන බුද්ධිමත් ක්‍රිකට් ප්‍රේක්ශකයන්ට පුදුමයකි,

කණ්ඩායමේ ක්‍රීඩකයන් ජය පැන් බොන අවස්ථාවේ ජයග්‍රහනයේ ගෞරවය පුහුණුකරු වෙනුවෙන් පුද කරන්නේ , පුහුණුකරු ලෙස ඔහුගේ කැප කිරීම ,සහ ඔහුට විරුද්ධව සිදුකල සියලුම ක්‍රියා වලට මනාව පිළිතුරු ලාබා දෙමිනි, තරගය ජයග්‍රහණය කල ක්‍රීඩකයන්ට ඇති එම අයිතිය , ක්‍රීඩාව පිලිබද අවබෝධයක් නැති සමහරක් මාද්‍යටයි , FB Pages වලටයි කිසිසේතම අයිති නැත, එය යුද බිමට නොයා සීතල කාමර වල සිට එය වාර්තා කිරීමක් වැනිය. එය අපි ක්‍රීඩකයන්ට පවරමු ඔවුන් එම කාරය කරනු ඇත.

තරගා පාවාදීම් වලට චෝදනා ලබපු පාලනාධිකාරියක් සමග ,  නිලදාරීන්ට උවමනා ක්‍රීඩකයන් තෝරන තේරුම් කමිටුවත් සමග, ICC මගින් සිදු කරන නිරන්තර බාධාකිරීම් හමුවේ, බෙදුනු ක්‍රීඩකයන් සමග, දුර්වලම දේශීය තරගාවලියක් හමුවේ හතුරුසිංහ සහ නඩය මේ තරමින් හෝ ශ්‍රීලංකාවේ ක්‍රිකට් බේරා ගැනීම පැස්සුමට ලක් විය යුතුය .

වැරදි නැත්තේ කාගේද මෙම අවස්තාවේ කණ්ඩායම අත නොහැර කණ්ඩායම සමග සිට ජයග්‍රහණය සදහා මෙහෙයවන ” හතුරු ” ඔහොම යං ,

ඔබට හතුරු වූ අයට ඔය යකඩ කොල්ලෝ ටිකත් එක්ක  ශ්‍රී ලංකාව   ඔසවා තබනු, වැරදි හදන් යමු , කටවල් ඉබේම වැහෙයි,

හරීන් ෆෙනෑන්ඩෝ ඇමති තුමනි ශ්‍රීලංකාවේ ක්‍රිකට් විනාස කරන උන් අතු ගාලා දමා , එම සද්ක්‍රියාව කිරීමට ඔබට හැකි වේවා ,ජය වේවා ශ්‍රිලංකා 🙏🙏

One Comment

Leave a comment

Leave a Comment