in

රට පෙරට දැමු ගුනේ සහ මුණේ

Asela Gunaratne

ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එන තරු දෙකක් වුනු අසේල ගුණරත්න සහ දිල්ෂාන් මුණවීරට හදිස්සියේම තම ස්ථාන අහිමි වුනේ කෙසේද? 

2017 ඔස්ට්‍රේලියානු සංචාරයේදී අති විශිෂ්ට දස්කම් දක්වපු මේ යුගලයට අසාදරණයක් වූනා යැයි කීම කාටත් අභිරහසක් නොවේ. 2017 සහ 2018 වසර වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 20/20 තරග වල මුල් පුරුක් දෙකක් උනු මෙම ක්‍රීඩකයන් දෙපලගෙන් පලි ගැනීමක් සිදු වුනාද කියන ප්‍රශ්නය තවමද පිළිතුරු නොලත් ප්‍රශ්නයකි.

කුමාර් සංගක්කාර අප අති ශ්‍රේෂ්ට ක්‍රීඩකයා පවසන අන්දමට icc anti corruption එකෙන් මේ දිනවල සිදුවන සෙවීම් වලින් 20කට වැඩි ප්‍රමාණයකට සෙවීම් වලට ශ්‍රී ලංකාව සම්බන්දව කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අද ක්‍රීඩාවේ බේරී තම ස්ථානය රැකගෙන දිගින් දිගටම අසාර්ථක වුවද කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් නම් වශයෙන් සදහන් කලයුතු නොවේ, නමුත් මෙසේ ක්‍රීඩා කරන්නේ කුමන බලවේගයක් මතද යන්න ප්‍රේක්ෂක අපෙගේ හිතට මතු වන ප්‍රශ්නයකි.

අප රටේ ක්‍රීඩාව පිරිසිදු වන තුරු අසේලලාට, මුන්වීරලට වුනු අසාදාරනය මෙන් වටිනා සම්පත් රැසක් අහිම් වන බව නම් නොඅනුමානය.

තවමත් මොවුන්ගේ සේවය රටට ගත හැකි බැවින් නොපමවා අසේල, මුණවීර, සික්කුගේ ප්‍රසන්න, උපුල් තරංග වැනි ක්‍රීඩකයන්ගේ සේවය නැවත ලබාගනී යන බලාපොරොත්තුවෙන් කනස්ල්ලෙන් යුතුව ශ්‍රී ලංකා මාතාවට අත්පොලොසන් දෙමු.

One Comment

Leave a comment
  1. Tharanga, Seekuge, Munaweera තුන්දෙනාම අයින් වුනේ perform නොකරපු හින්ද ,, ගිහිල්ලා බලන්න එයාල අන්තිමට ගහපු international matches වල performence,, මට මතක විදියට තරංග අන්තිමට ගැහුවෙ දකුණු අප්‍රිකාවේ World Cup එකට කලින් තිබ්බ එක්දින තරගාවලිය,, ඒකෙ තරංග මැච් සේරම ෆේල් වුනා ගහපු,,සීකුගේ , මුණවීර ත් fail වෙච්ච හින්ද ටීම් එකෙන් අයින් වෙන්න වුනේ,, අසේල නම් ඉන්ජර්ඩ් එකක් හින්ද නෙ ටීම් එකෙන් එලියට ගියේ,, හැබැයි මතක විදියට අසේල ඉන්ජර්ඩ් වෙලා ආවට පස්සෙ international මැච් කිහිපයක් ගහල ෆේල් වෙච්ච හින්ද ආයෙ ඉවත් වුනේ මගේ මතකය නිවැරැදි නම්,,

Leave a Comment