in

නවසීලන්ත තරගයට සුදුසුම 11 සහ ඔවුන්ගේ කාර්‍යභාරයන්

නවසීලන්තය සමග තරගය ආරම්භ වීමට ඇත්තේ තව දින 4 ටත් අඩු කාලයකි, තවත් එයා එන්න තිබ්බා මෙයා එන්න තිබ්බා පැවසීම අණුවනකමකි.දැන කල යුත්තේ සිටිනා ක්‍රීඩකයන් සමග ඉදිරියට යාමයි, පැවති තරග 3 සලකා බලන කල කණ්ඩායමේ සැකැස්ම පිලිබදව දල අදහසක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි .

ආරම්භක පිතිකරුවන් දෙපලට මට හැගෙන දේ අනුව අවිශ්කව ප්‍රථම තරගයේ යොදා නොගත යුත්තේ ඔහුගේ අත්දැකීම් මද බව නිසාය, දිමුත් පරීක්ෂාකාරී ලෙස පන්දුවට පහර දෙන බැවින් ,ඔහුත් සමග වේගවත් පහරවල් එල්ල කර පළමු පන්දුවාර 10 යාර 30 සීමාවට පිටින් ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණක් සිටීමේ වාසිය ලබා ගැනීමට කුසල් ජනිත් යොදා ගත යුතුය. මන්ද වේගවත් ආරම්භයෙන් පසු ස්ථාවර වී දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ දක්ශතාවය ඔහු තුල තිබෙන නිසාවෙනි. මාගේ කණ්ඩායමේ අංක 3 දනංජය සිල්වා සිටි නම් වඩාත් ප්‍රිය කළද, දැනට පවතින තත්ත්වය හා ලහිරු තිරිමාන්න අවසන් තරග 3 දැක්වූ දක්ශතා සලකා බලා ඔහු අංක 3 ක්‍රීඩා කල හැකිය . ඔහුගේ භූමිකාවද දිමුත්ගේ භූමිකාවට සමාන නමුදු ඔවුන් දෙදෙනාම Runner Ball ලෙසවත් ඔවුන්ගේ ඉනිම් අවසන් කළ යුතුය,

නිරායාසයෙන් පහරවල් එල්ල කරමින් තමන්ගේ ඉනිම  වර්ණවත් කරන කුසල් මෙන්ඩිස් අපට මහගු සම්පතකි. ඔහුගේ වත්මන් දක්ශතා ප්‍රශංසනීය  මට්ටමක ඇති බැවින් , ඔහු ලබා ගන්න ආරම්භයන් දිගු ඉනිම් දක්වා වර්ධනය කරගත හැකි නම් , අපට විශාල ලකුණු සංක්‍යාවක් බලාපොරොත්තු විය හැකිය. අංක 5  ඇන්ජෙලෝ විසින් තමන්ගේ කාර්‍යය වන ඉනිමේ හැසිරීමේ පාලනය කිරීමට මනා රුසියෙකි, මුල් පෙල පිතිකරුවන් හොද අඩිතාලමක් දැමුවොත් ඇන්ජෙලෝගෙන් වේගවත් ඉනිම් සමග වැඩි ලකුණු බලාපොරොත්තු විය හැකිය.

පවතින තත්ත්වය මත දනංජය අංක 6 ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇත්තේ කණ්ඩායමේ විශ්වාසවන්තම දග පන්දු යවන්නාද ඔහු බැවිනි ,ඔහුට පසුව සිටින ප්‍රවේගකාරී පිතිකරුවන් සමහ අන්තය මාරු කරමින් මනාව ඉනිම හැසිරවීම ඔහුගේ භූමිකාවයි , ඔහුගේ දග පන්දු හැකියා ක්‍රීඩා ලෝලීන් මවිත කරවනු නොඅනුමානයි . අංක 7,8,9 තිසර පෙරේරා ක්‍රීඩා කල යුතු අතර ජීවන් සහ ඉසුරු වුවද අවස්ථාව අනුව වෙනස් කරමින් ක්‍රීඩා කළ යුතුය. ලසිත් මාලිංග අංක 10 වන අතර සුරංග ලක්මාල් මගේ 11 දෙනා අතරට නොඑන්නෙ නුවන් ප්‍රදීප්ට පවතින කඩුලු ලබා ගැනීමේ හැකියාවත් හොද වේගයකින්  කෙට් පන්දු යැවිය හැකිවීමත් පසු ගිය තරග 3 කඩුලු අතර සිටීමත් නිසාය

දනංජය දග පන්දු යවන්නෙක් ලෙස තමාට හුරු පුරුදු ලෙස නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් යවා ප්‍රතිවාදිට පීඩනය එල්ල කළ යුතුය , එම කාර්‍ය්යටම වේග පන්දුවෙන් ඉසුරු උදාන සහය වනවා ඇත, තවද ඉසුරු උදාන මාලිංග මෙන්ම අවසන් පන්දු වාර ඉතා හොදින් යොමු කරන අතර මාලි+ඉසුරු සුසංයෝගය වැඩි දෙයක් කරයි යයි බලාපොරොත්තු විය හැකිය, ලසිත් මාලංග ගැන මම කතා කිරීමට නොයන්නේ , ඔහු ගැන අටුවා ටීකා ටිප්පනී කීමට  අවශ්‍ය නොවන නිසාවෙනි. ඕස්ට්‍රේලියානු පුහුණු තරගයේ ඉසුරු+මාලි නොමැතිව වුවද අප පන්දු යවන්නන් හොදින් පන්දු යවන ආකාරය දක්නට ලැබිණි,

ජීවන් මෙන්ඩිස්ද හොද වෙනස්කම් කරමින් පන්දු වන ආකාරය දක්නට ලද අතර ඔහු පා දග පන්දුව සහ පන්දු පතිතය ගැන වැඩි අවදානයක් සහිතව කපටි අයුරින් වෙනස්කම් යොදාගත් හොත් වඩා ප්‍රතිඵලදායකයි.

තිසර පෙරේරා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බැවින් ඔහුගේ පන්දු යැවීමේ සහ පිතිහරඹයේ නියමත රිද්මය සොයා ගතහොත් මෙවර ලෝක කුසලානයේ Giant Killer වීමට මාගේ ආදරණීය මව් රටට හැකි වනු ඇත. දැනට පවතින තත්ත්වය මත අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවහොත් එය ලෝක කුසලානයට   වඩා අගනේය , මාගේ හදවත  ශ්‍රී ලංකාව හොදින් ක්‍රීඩා කරනු ඇති බව නොකියන අතර සතුටට කාරණය නම් එය මාගේ මනසට දැනීමයි,

ආදරෙයි ශ්‍රී ලංකා

1) දිමුත් කරුණාරත්න

2) කුසල් ජනිත් පෙරේරා

3) ළහිරු තිරිමාන්න

4) කුසල් මෙන්ඩිස්

5) ඇන්ජෙලෝ මැතිව්ස්

6) දනංජය සිල්වා

7) තිසර පෙරේරා

8) ජීවන් මෙන්ඩිස්

9) ඉසුරු උදාන

10) ලසිත් මාලිංග

11) නුවන් ප්‍රදීප්

සටහන: සජීව රත්කරව්ව

Leave a Comment

5 Comments

  1. I prefer Thirimanne to open with Dimuth and kusal janith as one down. kusal mendis needs to build big innings. so far he has taken a good start in almost every inning but failed convert it to 70 or 80, not even a half century. i think he is the most important role in SL journey to reach semis. he need to bat through the inning. its really good that dnanjaya desilva delivered in Aus match.

  2. වල් අඩි පමණක් ගසන කුසල් ඕපනින් අවොත් සුපුරුදු පරිදි පළමු ඕවරයේම එක තැන උඩ ගසා එනු ඇත .
    තිසර සුපුරුදු පරිදි ඔවෙර්ස් 10 යට 70 ක් දී පිත්තෙන් ලකුණු 13 ගසා එනු
    ඇත .
    ක්‍රිකට් ගහන හැම ඒකාටම ඔෆ්ෆ් ස්පින් පන්දු යැවිය හැක ,දනන්ජය ට එයකළ හැක ,දුවගෙන ඇවිත් ඇඟිලි ටික අඹරා අත කරකනවා අර වෙන දෙයක් ඔහු නොකරයි ,නමුත් ඔහුගේ පන්දු යැවීම අපේ නිත්‍ය දඟ පන්දුයවන්නා වන බොරු ශෝබන අකිලයට වඩා හොඳය . හේතුව අකිල තවම පන්දුව නිසි තැනකට යැවීමට පවා නොදැනීමය .
    අවිශ්ක ට අත්දැකීම නැති බව කීම විහිළුවකි , මොකද අත්දැකීම ඇතියි පවසන ,තිසර ,චන්දිමාල් , මෙන්ඩිස් හැම තරඟයකදිම වගේ කරන මෝඩ වැඩ වලට වඩා මෝඩ
    දෙයක් යමෙකුට කල නොහැක .

  3. නිමේශ් රන්දික ඔබගේ ක්‍රිකට් පිළිබද දැනුම ගැන මට ඔබ ගැන ඇත්තේ අනුකම්පාවක් පමණි . කුසල් ජනිත් මාස කිහිපයකට පෙර ක්‍රීඩා කළ ලොව මෙතෙක් ක්‍රීඩා කර ඇති හොදම ඉනිම හොයාගෙම බලන්න , ඔය ගතිය ඇරිලා යයි ,