දේශපාලනය ක්‍රීඩාවෙන් සමුගනීද?

Photo

හිටපු සභාපති තිලංග සුමතිපාල සහ වත්මන් සභාපති ශම්මි සිල්වා අතර පවතින ගැටළු උස්සන්න අතට පත් වෙමින් පවතී.මන්ද කව්රුත් නොදන්න ශම්මිව ලොකු පුටුවට ගත් තිලංගව අමතක වී ඇමති හරීන් ප්‍රනාදු සමග හාද වීමය.

මේ වන විටත් තිලංග සුමටිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒමට නොහැකි වන පරිදි වැඩ කටයුතු සැකසෙමින් පවතී. මෙයින් ක්‍රීඩාව පිරිසිදු වන බව නම් නොඅනුමානය.

නමුත් එදා ශම්මි කරපු දේවල් පිටු පස්සෙන් එයිද? 

ලොකු පුටුවේ තිලංග ඉන්නා විට මුදල් වගතුග නැතහොත් භාණ්ඩාගාරිකව සිටියේ ශම්මි සිල්වාය. දෙදෙනා එකතුව කරපු වැරදි නැවත අපගේ කනට අසන්න ලැබේද යන්න ක්‍රීඩාව පැත්තේන් බලාගෙන සිටිය යුතු කරුණකි.

කෙසේ හෝ නුදුරු දිනයක මොවුන් එකිනෙකා අතර ගැටුම් වලින් රටට සත්‍ය හෙළි වනු ඇතයි අපි බලාගෙන සිටිමු.

රටේ ක්‍රීඩාවට මහගු සේවයක් කල බන්දුල වර්ණපුර, සිදත් වෙත්තමුණි සිට රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, වැනි පිරිසිදු ක්‍රීඩාකයන්ගේ පාලනයට මේ ආගම වැනි ක්‍රීඩාව පත් වීම අප හැමගේ පැතුම වේ.

Leave a Comment