in

දේශපාලනයට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩකයන් ???

ක්‍රිකට් ක්‍රීඩකයන්ට දේශපාලනයට පැමිණීමට සුදුසුමක් තිබේද ??

මෙවන් ක්‍රිකට් ක්‍රීඩකයන් යනු තමන්ගේ රට වෙනුවෙන් වසර ගණනාවක් විශාල කැප කිරීමක් කළ පිරිසක් වේ, රූපවාහිනියේ අප දකින්නේ පිත්තත් පන්දුවක් අතර පවතින සටනක් පමණි , ජාතික කණ්ඩායමට පමිණි පසු ඔවුන්ට නිදහස් ජීවන රටාවක් උරුම නොවේ ,

ආහාර රටාව , ව්‍යායාම , පුහුණුවීම් සහ සිය ප්‍රියයන්ගෙන් වෙන්වී වැඩි කාලයක් නිවසින් පිට ගත කිරීමට සිදුවන්නේ ඔවුන්ට තම රට වෙනුවෙන් ඇති වගකීම නිසා මිස අන් කවරකු නිසාවත් නොවේ, ජාතික කණ්ඩායම නියෝජනය කරන සෑම ක්‍රීඩකයාටම විශිෂ්ඨ ක්‍රීඩකයෙක් වීමට පුලුවන් කමක් නැත, වසර ගණනාවක් ඒ කැපකිරීම අවනංකව කරන්නාවූ ක්‍රීඩකයන් විශිෂ්ඨ ක්‍රීඩකයන් බවට පත් වේ

මූලික අවදියේ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමක් යනු එකතරා ආකාරයකින් විශ්ව විද්‍යාලයක් බදුය , පිටියෙන් පිටත රට රටවල් ගැන , විවිද පිරුදු , රාජ්‍ය තාන්ත්‍රික, රාජ්‍ය නායක  හමුවීම් , විවිද සංස්කෘතින් ගැන් සහ තවත් බොහෝ දෑ පිළිබද වසර ගණනාවක් ඉතා පුළුල් අවබෝධයක් ලැබේ

මීට අමතරව පිටිය තුළ සිය රට වෙනුවෙන් වසර ගණනාවක් කරන අරගලය යම් විශාල වපසරියක් සහිත ආයතනයක සිදුකරන දැඩි වගකීම් සහිත රාජකාරියක් බදුය ,

Hard Working , Strategies , Planning , Grooming  , Trainning & Development , Goals   Achivements , Dedication , Honesty  එක්ක රට වෙනුවෙන් ගෙවිලා යන ඒ වසර ගණනාව , ඔවුන්ව පුළුල් පරාසයක් ඇති  දේශප්‍රේමි මිනිසුන් පිරිසක් බවට පත් කරයි,

රට වෙනුවෙන් අප්‍රත්‍රිහත ධෙර්‍යයෙන්  වසර ගණනාවක් කණ්ඩායමක් සමග කරන්නාවූ කැප කිරීම හා සැසදීමට කෙනෙකු සොයා ගැනීම විරල බව නම් සැබෑය

නලු නීලියන් , ගායක ගායිකාවන් හා සමග සැසදීමේදී ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින්නේ ගව් ගණනාවක් ඉහලිනි, හේතුව ඔවුන් රට වෙනුවෙල් ලභා දී ඇති විජයග්‍රහණ අහල මායිමකටවත් පැමිණීමට එම කළා කරුවන්ට නොහැකිය, සෑම කළාකරුවෙක්ම ප්‍රසන්න විතානගේ කෙනෙක් , ජගත් චමිල කෙනෙක් නොවන නිසාය

ඔව් උගත් පුද්ගලයන් පාර්ලිමේන්තු යැවිය යුතුය , එහෙත් අප දේශප්‍රේමී උගතුන් තෝරා බේරා ගත යුතු බව නම් නොරහසකි , හේතුව සෑම උගතෙක්ම දේශප්‍රේමියකු නොවන නිසාය ,

දේශපාලකයන්ට , කළා කරුවන්ට වඩා දෙශප්‍රේමී ක්‍රිකට් ක්‍රීඩකයන්ට රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ද වී මේ රටට සේවයක් කිරීමට අන් කවරෙකුටවත් වඩා හිමිකමක් ඇත්තේය ,ඒ ඔවුන් ලබා ඇති පන්නරය නිසාවෙනි , ඔවුන් අපගේ මේ පුංච් දිවයින ලෝකෙයේ හිනිපෙත්තටම රැගෙන යනු ඇත

සටහන : සජීව රත්කරව්ව

Leave a Comment