සමාජ මාද්‍ය ශ්‍රී ලංකාව වැනි රටක කෙතරම් ප්‍රභලද යන්න සාක්ශාත් වූ දෙයක් පිළිබඳව අපි කතා කරමු.තේරීම් කමිටු සභාපති ඔහුගේ බලය අනවශ්‍ය අයුරින් යොදාගෙන ක්‍රිකට් පාලනාධිකාරිය සමග ඔවුන්ගේ හෙන්චයියන් යොදා ගනිමින් රග දැක්වූ Selection කෝළම අවසානයකට පැමිණ ඇත
2019 ලෝක කුසලානය නම් කිරීමේ සිටම අද වෙනකම්ම , අතිපණ්ඩිත ප්රතිපත්තියක සිට දක්ශ ක්‍රීඩකයන්ගේ අවස්ථා නැති කර , තමන්ගේ සහ Cricket Board එකේ හුරතලුන් යොදා ගනිමින් ඉතාම පහත් රංගනයක නිරතවිය
අසේල ගුණරත්න , දම්මික ප්‍රසාද් , මාලින්ද පුශ්පකුමාර , පැතුම් නිස්සන්ක , උපුල් තරංග , කුලසේකර වැන්නවුන්ගේ දක්ශතා හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ගේ ක්‍රිකට් අනාගතයට එල්ල කළ මරු පහරට නම් ඔහුට කිසිදු සමාවක් නැත
මේ අසාධාරණ කම්වලට ස්වභාව ධර්මයා විසින් ලබා දුන් කාලය අවසන්ය. පසුගිය මාසය පුරා සමාජ මාද්‍ය වලින් නම් ඔහුට ඉඩක් ලැබුණේ නැත , හොදට නරකට දෙකටම ක්‍රියාත්මක වන සමාජ මාද්‍ය , මේ අවස්ථාවේ දැඩි විරෝධයක් සමග කරලියට ආවේ ක්‍රීඩා අමාත්‍යවරයා සමග මොවුන් කෙසේ හෝ එලවා දැමීමටයි, සමාජ මාද්‍ය මෙහෙයුම අතිසාර්ථකත්වයි ,
හිස උදුම්මවා ගත් තේරීම් කමිටු සභාපතිට යන්න වෙන තැනට වැඩේ සිදුකර අවසන් . ඒ සදහා උර දුන් ක්‍රිකට් ක්‍රීඩා ලෝලී සියලුම සමාජ මාද්‍ය ක්‍රියාකාරීන්ට Hats Off
ක්‍රීඩා අමාත්‍යවරයා Namal Rajapaksa විසින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා ගන්නාවූ ඉදිරි තීරණ ගැන අපි විමසිල්ලෙන් , අනෙකුත් කාරණා වන ක්‍රිකට් වියවස්ථාව වෙනස් කිරීම , දේශීය පළමුපෙළ අංක 1 තරගාවලිය ප්‍රාන්ත මට්ටමට ගෙන ඒම , වත්මන් ක්‍රිකට් පරිපාලනය ගැන කළ කිරී සිටින සියලුම පැරණි ක්‍රීඩකයන් යොදාගෙන ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කරනු ඇතැයි යන්න අපගේ ඒකායන අධිෂ්ඨානයයි ️️
සටහන : සජීව රත්කරව්ව