in

එංගලන්ත තරගය ජය ගැනීමට කළ යුතු දෙය

මීලග තරගයේ එංගලන්ත කණ්ඩායමට  තරගයක් දීමට නම් කළ යුත්තේ කුමක්ද ??

එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනා අතරින් වමත් පිතිකරුවන් සිටින්නේ තුන් දෙනෙකු පමණි , බහුතර දකුණත් පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමට නම් ජීවන් මෙන්ඩිස් ප්‍රදාන සාධකයක් කර ගැනීමට වග බලා ගත යුතුය, පසුගිය තරගයේ හොදින් පන්දු යැවූ දනංජයගෙන්ද ඔහුට සහයක් ලබා ගත හැකිය .

ඕස්ට්‍රේලියානු  තරගයේ උදාන සහ මාලිංග මැනවින් අවසන් පන්දු වාර වල පන්දු යවනු දක්නට ලැබිණි, මුල් පන්දුවාර වලද යම් කිසි සැලස්මකින් පන්දු යවා කඩුලු ලබා ගත හැකිනම් ඔවුන් දෙදෙනාගෙන් මීලග තරගයේ තීරණයට විශාල බලපෑමක් සිදු වේ. නුවන් ප්‍රදීප් තමන්ගේ භූමිකාව ගැන යළිත් සිතා බලා මීලග තරගයට ඉදිරිපත් වීමෙන් ඔහුගෙන් වැඩි වාසියක් කණ්ඩායමට ලබා දිය හැකිය .

පසුගිය තරගයේ තිසර ඔහුගේ පන්දුවාර වෙනදාට වඩා නිසි එල්ලයකින් යවනු දක්නට ලැබිණි.ඔහුගෙන් කඩුල්ලක් දෙකක් ලැබේනම් එය අමතර වාසියක් වනු ඇත.මිලින්දට අඩුම තරමේ තව එක අවස්තාවක්වත් ලැබිය යුතුය, තණතීරුව දග පන්දුවයන්නන්ට යම් වාසියක් තිබේනම් ඔහුටද දකුණත් පිතිකරුවන්ට Leg Break පන්දු යැවිය හැකි නිසා සහයක් අවශ්‍ය නම් ලබා ගත හැකිය

පිතිකරණය ගැන සැලකීමේදී ලහිරු තිරිමාන්න පිතිකරණයේ යෙදෙනනේ තමන්ගේ තැන රැක ගැනීමට බැවි මනාව පැහැදිලි වේ, අංක තුන ස්තානය සෑම කණඩායමකම හොදම පිතිකරුවන් ක්‍රීඩා කරන අතර දනංජය සිල්වා අංක 3 හොදින් ක්‍රීඩා කරන නිසාවෙන් ඔහුව ආදේශ කිරීම අනිවාර්ය වේ .

ඇන්ජෙලෝ එක් ස්තානයක් ඉදිරියට විත් අංක 4 ක්‍රීඩා කලහොත් අවම පීඩනයකින් දිගු ඉනිමක් ක්‍රීඩා කළ හැකිය , පළමු පිතිකරුවන් 4 දෙනා හොදින් ක්‍රීඩා කළහොත් කුසල් මෙන්ඩිස් අංක 5 ස්තානයේ නිදහසේ   ලකුණු හබා යමින් ක්‍රීඩා කළ හැකිය. මිලින්ද එක් තරගයකින් විනිශ්චය කළ නොහැක්කේ ඔහු ඉතා හොද Finisher Role ක්‍රීඩකයෙක් නිසාවෙනි ඔහුට අඩුම තරමේ අවසන් අවස්තාවක් ලබා දිය යුතුය .අංක 7 තිසර සහ අංක 8 ජීවන් ක්‍රීඩා කළ යුතුවේ , අදිල් රශිඩ් හට පීඩනයක් එල්ල කිරීමට තිසර පෙරේරාව පිතිකරණ ලැයිස්තුවේ ඉහලින් වුවද යොදා ගත්තද වරදක් නැත ,

හෙඩින්ලි ලීඩ්ස් පිටිය හබා යන්නට වාසි සහිත වුවද හොදම දෙය වන්නේ ලකුණු 300 ට වඩා ලබා ගෙන එංගලන්ත කණ්ඩායමට පීඩනය එල්ල කර ජයග්‍රහණය කිරීමයි,කිමද මෙම තරගාවලියේ අපගේ ශක්තිය පිතිකරණයට වඩා පන්දුයවීම නිසාවෙන් සහ පිතිකරුවන් පීඩනය දරාගත නොහැකි බව ඔප්පු කරමින් සිටින නිසාවෙන්ය

සටහන : සජීව රත්කරව්ව

Photo Courtesy : DGR Photography

Leave a Comment