in

ඉන්දියාවට අභියෝගක් දීමටනම්

අද ශ්‍රී ලංකා කණ්ඩායම T20 සහ එක්දින තරඟ දිගින් දිගටම පරාජයට පත්වෙලා තියෙන්නේ.

 මේකට ප්‍රධාන හේතුව තමයි නිවැරදි ක්‍රීඩකයින් නිවැරදි Format එකට යොදා නොගැනීම.

කුසල් පෙරේරා ගැන කතා කරොත්,කිසිම consistency එකක් නැති මෝඩ ක්‍රීඩකයෙක් .නායකත්වයට නෙමෙයි ඇත්තටම ටීම් එකේ වත් තියාගන්න ඕන ක්‍රීඩකයෙක් නෙමේ කුසල් පෙරේරා  කියන්නේ.අවාරයට  පොල් වැටෙනවා වගේ ලකුණු ගහන එවුන් වැඩක් නෑ අපිට.

එක්දින සහ T20  නායකත්වය සඳහා ඉතාමත්ම යෝග්‍ය වන්නේ භානුක රාජපක්ෂ.

මොකද එයා සුපිරිම සුපිරි මොලයක්.නායකත්වය අතින් ගත්තොත් මහේල ජයවර්ධන වගේ.Power hitting  අතින් ගත්තොත් Rohit sharma වගේ.

LPL  තරගාවලියේ ඔබ දකින්න ඇති ඔහු කොහොමද කණ්ඩායම මෙහෙයුවේ කියලා.තරඟයේ අවස්ථානුකූලව නිවැරදි ක්‍රීඩකයා යොදවා ගැනීම ඔහු තුළ දක්නට ලැබුණු සුවිශේෂී  දක්ෂතාවයක්.

ඒ වගේම කියන්න ඕන එයා අනිවාර්යෙන්ම එන්න ඕනේ one down position එකේ.

ODI & T20 දෙකේම භානුක රාජපක්ෂ one down ආ යුතුයි.

දැන් අපි ODI ගැන අවදානය යොමු කරමු .

අපි opening combination එක වෙන්න ඕන දිල්ශාන් මුණවීර සමඟ අවිශ්ක ප්‍රනාන්දු.

අවිශ්ක මේ වෙලාවේ ලකුණු අතර නොසිටියත්, එයා ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් opening combination එක  කරන්න.තරඟයක් ඉදිරියට ඇදගෙන යන්න ඔහුට දක්ෂතාවයක් තියෙනවා.

කුසල් පෙරේරා වගේ මෝඩයෙක් වගේ හැම බෝලෙටම  ගහන්න යන්නේ නෑ.

Two down වලට  හොඳම ක්‍රීඩකයා තමයි දිනේෂ් චන්දිමාල්.

ඊළඟට තමයි අසේල ගුණරත්න එන්න ඕනේ.

මැදපෙළ සවිමත් වෙනවා දිනේෂ් චන්දිමාලුය,අසේල ගුණරත්න හින්ද .

දසුන් ශානකට pressure situation  දරාගන්න තේරෙන්නේ නැහැ.ඒ හින්ද එතනට හරියන්නේ ඉශාන් ජයරත්නයි.

T20 වලට දනන්ජය ලක්ශාන් අනිවා ඉන්න ඕනෙ .  

ලංකාවේ ගොඩක් ground වල pitch  තියෙන්නෙ batting paradise pitch.seam වෙන්න චාන්ස් තියෙන්නේ දඹුල්ලේ හා පල්ලෙකැලේ විතරයි.

අපිට ඒ හින්ද hitting the deck harder බෝල කෙනෙක් අවශ්‍යයි.ඒකට හරියන්නේ චාමික කරුණාරත්නයි.

ඒ වගේම වනිදු ට සහයක් වෙන්න හොඳ spin bowler කෙනෙක් අපිට ඕනේ වෙනවා .මේකට හරියන්නේ මහේෂ් තීක්ෂණයි.

එයා බෝලෙ දාන්නේ fast bowler කෙනෙක්ගෙ action එකට,අජන්ත මෙන්ඩිස් වගේ හින්දා, angle එකෙන් bowler දාන අයට වගේ වැරෙන් පහරවල් ගහන්න අමාරුයි .

ඒ වගේම අපිට මාලිංගගේ bowling style එකේ එක්කෙනෙක් ඕනේ.එකට හරියන්නෙ නුවන් තුෂාරයි.එහෙම නැත්තං ඒ ස්ටයිල් එකේම මතීෂ පතිරණ යොදාගන්නත් පුළුවන්.

Leave a Comment

3 Comments

  1. මම හිතන්නේ දිල්ෂාන් මුනවීරට chance එකක් දෙනවට වඩා එතන චන්දිමාල්ට දීලා 2 down මැතිව්ස්ට දුන්නොත් හොදයි කියලා

  2. මුනවීර හොදයි මචෝ.
    චන්දිමාල් හොඳ middle order වලට
    මැතිවුස්ට දැන් වයසයි .උට දැන් ක්‍රිකට් ගහන්න බෑ.දැක්කනේ LPL වල .

  3. LPL කියන්නෙ t20 ne මචං.දැන් මැතිව්ස්ට වේගෙන් ගහන්න බෑ.ඒත් එයා odI වල test වල ඉන්න ඕනා.මොකද මැතිව්ස් තමා දැන් ඉන්න අයගෙන් experience වැඩිම.අනිත් එක එයාගෙ odI ,test වල average එක 40 +
    එයා ඉන්න එකෙන් middle order එක ශක්තිමත් වෙනව odI ,test වල. දැන් තිසරත් නැති නිසා එතනට එන්නෙ ශානකනෙ.එතකොට ඒ අලුත් playersලට ගොඩක් ලේසියි මේ වගෙ experience තියෙන player කෙනෙක් ඉන්න එක.ඒ නිසා අනිවා මැතිව්ස්ට තැනක් දෙන්න ඕනා.චන්දිමාලුත් හොදයි නමුත් මැතිව්ස් තමයි batting වලින් middle order එකට හොදම