මුරලිගේ සෙවනැල්ලට වැසීයෑමට ගිය රංගන හේරත් නැවතත් කරළියට පැමිනියේ මුරලි සමු ගැනීමට ආසන්න අවදියේය .
සංගාගෙන් එම දුරකථන ඇමතුම ලැබීමත් සමග එංගලන්තයේ ප්‍රාන්ත තරග ක්‍රීඩා කරමින් සිටි රංගන හේරත් තමාගේ දෙවන ගමන ස්වර්ණමය ගමනක් බවට පත් කරගත්තේ , කඩුලු 400 කඩඉමද පසු කරමින්ය
රංගන හේරත්ගේ නික්ම යාමෙන් පසුව ඒ වරම ලද්දේ මාලින්ද පුශ්පකුමාර නම් වූ සුවිශේෂී දග පන්දු යවන්නාය ,
ඔහුගේ සුවිශේෂීම ලක්ශණය වන්නේ කඩුලු ලබා ගැනීමට ඇත්තා වූ උපන් හපන්කමයි , බැලූ බැල්මට සාමාන්‍ය පන්දු යවන්නෙක් ලෙස පෙනුනද ඉතාම සූක්ශම තමන්ට ආවේණික තරග සැලැස්මකින් අඩුලු දඩයම් කිරීමට මාලි හරම රුසියෙකි
රංගනගේ අනුගාමිකයා ලෙසින් සනත් ප්රමුඛ තේරීම් කමිටුව ඔහුව හදුනාගෙන ඒ සදහා රංගන සිටියදීම ඔහුව සූදානම් කරන්නේ , සනත්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඇත්තාවූ දුර දක්නා නුවන උපයෝගී කර ගනිමිනි .
පළමු පෙල දක්ශතා සහ ශ්‍රීලංකා A දක්ශතා සැලකිල්ලට ගත්කල ඔහුගේ අසලටවත් පැමිණීමට කිසිම දග පන්දු යවන්නෙක්ට නොහැකිය , ඔහුගෙන් තවමත් ශ්‍රීලංකා කණ්ඩායමට ප්‍රයෝජන ගත හැකිය ඒ සදහා තවත් කල් මැරීම විශාල අණුවනකමකි. කලයුතුව ඇත්තේ ඔහුගේ අත්දැකීම් උපයෝගී කරගෙන එලබෙන පාකිස්තාන , සිම්බාබ්වේ සහ එංගලන්ත ටෙස්ට් තරග වලදී ප්‍රධාන කඩුලු ලබා ගන්නා පන්දු යවන්නා ලෙස භාවිත කිරීමයි.
අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් ලද තරග හතරකින් මේ නිහඩ දක්ශයාව නිශ්ශබ්ද කලහොත් ශ්‍රීලංකා ක්‍රිකට් වංශකතාවේ කලු පැල්ලමක් බවට පත්වේ.
ඔව් ලසිත් ඇඹුල්දෙණිය දක්ශ නවක පන්දුයවන්නෙක්, ඔහුගේ මංගල ඩර්බන් තරගයේදී කඩුලු 5 ගත්තා තමයි, එහෙත් ඔහු නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී පෙන්වූ ආධුනික බව සහ කඩුලු ලබා ගැනීමට පෙන්වූ දුර්වලතාවය කැපී පෙනේ.
මාලින්ද වසර ගණනාවක් පළමු පෙළ තරගවල සහ ශ්‍රීලංකා A තරගවල විවිද රටවල් වලදී පෙන්වූ දක්ශතා සලකා බලා ලග එන ටෙස්ට් තරග වලදී ඔහුට සාධාරණ අවස්ථාවක් දිය යුතුය.
ඔහුට ලැබෙන එම අවස්ථාවෙන් ඔහු ශ්‍රීලංකා කණ්ඩායමට විශාල ජයග්‍රහණ රැසක් ලබා දෙනු ඇත.
ඇබුලා තරුණයි ඔහුට තව ඉගෙන ගන්න තියෙනවා , තව කාලයක් අත්දැකීම් ගත්තම ඔහුට කණ්ඩායමට පැමිණිය හැකිය
දැන් කළ යුත්තේ හොදින් මුවහත් කර ඇති කඩුව යුද්ධයට යැවීම නොවේද ? මුවහත් නැති කඩුව සමග යුද්ධයට යෑමෙන් , මුවහත් නැති කඩුව මුවහත් කර කර යුද්ධ කිරීමෙන් ඇතිවන ප්‍රමාදය පරාජයක් වීමට ඉඩ වැඩිය
තවම කල් ඇත, මාලින්ද නැමැති නිහඩ කඩුලු දඩයම්කරුවා මේ සංග්රාම භූමියට කැදවන්න. ජයග්‍රහනයේ මාවත ඔහු පෙන්වාවි
ඔහුගේ දක්ශතා බිදක් පහත දැක්වේ
පළමු පෙල තරග 129 කඩුලු 741
List A තරග 80 කඩුලු 134
ටෙස්ට් තරග 4 කඩුලු 14
දක්ශ පන්දු රකින්නෙක් වගේම දක්ශ පසුපෙල පිතිකරුවෙක්
පළමු පෙල තරගාවලිවල හොදම පන්දු යවන්නා දිනාගත් අවස්ථා
Tier A වසර අනුව
2014/15 – 80 Wickets (Best Bowler)
2015/16 – 42 Wickets (Best Bowler)
2016/17 – 79 wickets (Best Bowler)
2017/18 – 71 wickets (Best Bowler)
2018/19 – 63 wickets (Best bowler)
- හොදම පන්දුයවන්නා T20 & List A තරගාවලිය 2014/15
- (පළමු පෙල) මුරලි රංගන දෙදෙනාටම නොහැකි වූ ඉනිමක කඩුලු 10ම දවාගත් පළමු ශ්‍රීලාංකීය දග පන්දුයවන්නා 2017/18 පළමු පෙල තරගාවලිය
- 2017 වසරේ මුලු ලෝකයේම වැඩිම පළමුපෙල කඩුලු ලබා ගත් පන්දු යවන්නා – කඩුලු 115 ( පළමු පෙළ + ශ්‍රීලංකා A සහ ටෙස්ට් තරග )
- හලාවත මේරියන්ස් කණ්ඩායම 2017/18 තරගාවලියේ නායකයා ලෙස ජයග්‍රහණය කරා මෙහෙයවීය
- ශ්‍රීලංකා A කණ්ඩායමට ක්‍රීඩා කර තරග 8 කදී කඩුලු 67ක් දවාගෙන ඇති අතර එංගලන්තයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හීදී තරගයේ වීරයා සම්මාන දිනාගෙන ඇත
- 2006 දී ශ්‍රීලංකාව වෙනුවෙන 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කර ඇත
- තව අටුවා ටීකා ටිප්පනී අවශ්‍ය නැත , අවශ්‍ය වන්නේ අවස්ථාව ලබා දීමයි , ඉතුරු හරිය ඔහු විසින් ඉටු කරනු ඇත
සටහන
සජීව රත්කරව්ව